*
Thursday, February 27, 2025
spot_img

Latest Posts

ඩොලර්වලින් උපයන අයට වැදෙන බද්ද – නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්!

කොළඹ LNW:තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය මෙන්ම සංචාරක ක්ෂේත්‍රය බදුවලට ලක් නොවිය යුතු බව විශ්වාස කරන නමුත් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹී ඇති එකඟතාවයන් අනුව එලෙස එක් එක් ක්ෂේත්‍රවලට බදු අඩු කිරීමක් සිදු කිරීමට නොහැකි බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියොජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

අන්තර්ජාලයෙන් මුදල් උපයන්නන් සඳහා 15% ක බද්දක් පැනවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මතුව තිබෙන සමාජ සංවාදයට ප්‍රතිචාර දක්වමිනුයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ.

සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු පවසන්නේ freelance ක්‍රමයට විදෙස් ආදායම් උපයන්නන් මෙතෙක් කල් බදුවලින් නිදහස්ව සිටි අතර නව තීරණයත් සමඟ ඔවුන්ට ආදායම් බදු වාර්ශික වාර්තාවේ 15%ක බදු අදාළ වන බවයි.

ඒ අනුව එම බද්දට යටත් වන ආකාරය නියෝජ්‍ය අමාත්‍යවරයා සිය සටහනේ දක්වා තිබේ.

සමස්තයක් ලෙස 15%ක බද්දට යටත් වන්නේ අදායම රු. කෝටියක් වන අවස්ථාවේදී බවද ඔහු පෙන්වා දී ඇත.

“ඔව් IT ක්ශේත්‍රය, සංචාරක ක්ශේත්‍රය වගේ ඒව tax නොවෙනනම් හොදයි, ඒත් ඉතින් එක එක industry එකට රජයට ඕනෙ විදිහට බදු අඩු කරන්න IMF agreement එක අනුව බෑ. ඒ වගේම රට double taxation treaty වලට යන්න ඕනේ, ඒකටත් IT සේවා වලට ලොව එකඟ අවම tax එක 15%. පහුගිය රජය එකඟ වෙලා තිබ්බේ 30%ට.හරි අපි ඔක්කොම දන්නවා ලංකාවෙ IT services දෙන අයට වෙන රටවල් වල වගේ පහසුකම් නෑ කියල, ඒක කාලාන්තරයක් තිස්සෙ තිබ්බ අවුලක්, Space, Equipment, Loans, Recognition, platform ඉතින් රටක් විදිහට මේව දියුණු කරන්න ඕනේ. ඒ වගේම uber වගේ ඒවත් බදු ගෙවන්නෙ නෑ. මෙහෙන් දෙන සේවා වලට සමහර විට ඒ රටවල් වල අවම බද්දක් ගහනවා ඒක අපිට අහිමි වෙනවා. මේ ක්ෂේත්‍රයට එන ආයතන company වලටනම් ලොකු අවුලක් නෑ මොකද ඒ අය ජාත්‍යන්තරට යනකොට කොහොමටත් ඒ රටේ Tax වෙනවා, මේ ක්‍රමේට (double tax) අනුව ඉදිරියට ඒ අයට ඒ tax claim කරන්න පුලුවන්.

දැන් මේ අවුල හැදෙන්නෙ freelance කරන අයටනේ. ඔව් freelance කරන අයගේ විදෙස් අදායම මෙච්චර කල් Excempt category එකේ තිබ්බේ. දැන් මේ ආදායම තමන්ගේ ආදායම් බදු වාර්ශික වාර්තාවෙ 15%ක් tax වෙනවා. බුකියේ පේන විදිහට බහුතරයක් දෙනාට Income tax file එකක් නෑ වගේ. මුලින්ම ඒක ගන්න මොකද ඉල්ලන සහන, loan, recognition, credit insurance මොනව ගන්නත් ඉස්සරහට ඒක ඔනේ වෙයි. දැන් කොහොමද ඒ අයව tax වෙන්නෙ, මේ ආදායම එන්නෙ individual tax එකට පුද්ගලික ආදායම් බදු. ඒ නිසා කොහොමටවත් රු. ලක්ෂ 18 වෙනකම් කිසිම බද්දක් නෑ.. ඒ කියන්නෙ ඩොලර් 5000ක් විතර. එතනින් එහාට slab වලට යන්නෙ 6% ඉදන්

ඒ වගේම තමගේ ආදායම freelance foreign income විතරනම් උපරිම tax එක 15%😌ඒ කියන්නෙ කෝටියක් හෙව්වත් 15%ක්.අනිත් වෘතීකයන් හා ව්‍යාපාරිකයන් තරහ වෙයිද දන්නෙ නෑ මොකද ඒ අය 36%ක්.කට්ටිය ගොඩක් කතාකරන විදිහට ලක්ෂ 2ක් ඉන්නවලු freelance කරන අය. ඒ අය අවම $5,000 බැංකු ක්‍රමය හරහා ගෙනවානම් ලංකාවෙ වාර්ෂිකව $ බිලියන 1ක් රටේ ආර්ථිකයට එකතු වෙන්න ඕනේ. රටේ සමස්ථ IT ආදායම $ බිලියන 1.6 කියල slasscom එක කියන්නෙ. ඒ නිසා බහුතරයක් $ 5,000ට අඩු හා බැංකු හරහා නොගෙනෙන අය.

මම හිතන්නෙ රට තියන තත්ත්වය යටතේ මේක සංවිදිත කරන එක හොදයි, ඒ වගේම freelance අයට paypal වගේ platform එකක් ඕනේ, බැංකු ණය දෙන්න ඕනේ, වෘතීය පිළිගැනීමක් ඕනේ. මේ සියල්ලම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති. ඒ නිසා හදිසියේ බැරි වුනත් මේ දේවල් වෙන්න ඕනේ. දැන් කාට හරි කියන්න පුලුවන්ද ලංකාවෙ සංවිදිත freelance income එක, අපි ඒ මත රජය එක්ක සාකච්ඡා කරමු, ගැටළු සංවිදානාත්මකව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයට කියමු, වෘතීය අයිතින් වෙනුවෙන් පෙනී ඉදිමු.. මමත් දිගටම පෙනී සිටිය ක්ෂේත්‍රයක්.හැබැයි හැමෝම සාධාරණ බද්දක් ගෙවන්න එකඟ වෙමු. මේ අපි සාකච්ඡා කරන්නෙ පනත් කෙටුම්පතක්. මේක නීතියක් වෙන්න කල් තිබෙනවා. ඔබ ගෙවන බදු ආපහු යන්නෙ රටේ අභිවෘද්ධියට මිසක් දේශපාලකයන්ට නෙමේ. ඩිජිටල් ආර්ථිකය හදන මේ අවුරුද්දෙ රු බි 20ක් වෙන් කරල තිබෙනවා. මම හිතන්නෙ නෑ අපිට IT ක්ෂේත්‍රයේ මේ ගාන කවර් වෙයි කියල” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan