රෂිකා හෙන්නායක පෙබරවාරි 26, කොළඹ LNW :
ඊයේ (25) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. ඒ , සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” මෙරටට රැගෙන ඒම සඳහා බව පොලීසිය සඳහන් කළේය.
සැකකාර “පොඩි ලැසී” නැමැත්තා, නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුලුවීමේ චෝදනාව මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. එරට නීති කටයුතු අවසන් කොට, සැකකරු මෙරටට භාරදීමට නියමිතව ඇති අතර, සැකකරු කඩිනමින් මෙරටට රැගෙන ඒමට නියමිතව ඇතැයි පොලීසිය ප්‍රකාශ කලේය. මොහු බරපතල ගණයේ අපරාධවලට සම්බන්ධ බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වේ.


