ප්‍රේමසිරි හැළඹගේ තරගාවලියට ඉල්ලුම් පත් දහස ඉක්මවයි

0
3

නිශ්මං රණසිංහ පෙබරවාරි 26, කොළඹ LNW:

නැසීගිය දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ප්‍රේමසිරි හැළඹගේ අනුස්මරණය කරමින්,ගාල්ල,දඬල්ල දකුණු පළාත් ගෘහස්ත ක්‍රීඩා සංකීරණයේ පැවත්වෙන ජාතික බැඩිමින්ටන් සූරතාවලියට විවිධ වයස් කාණ්ඩ යටතේ මෙන්ම විවෘත පිරිමි සහ කාන්තා තරග අංශ ද ඇතුළුව,ඒකල,යුගල සහ මිශ්‍ර යුගල තරග සඳහා ඉදිරිපත් වීමට ඉල්ලුම්පත් දහසකට වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙනවා.පෙබරවාරි 28 වන දා ඇරඹෙන තරගාවලිය මාර්තු 7 වන දා නිමාවීමට නියමිතයි.


මෙම තරගාවලියට විවෘත තරග අංශයේ සිට කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ වයස් කාණ්ඩ ද නියෝජනය කරමින් කේවල,යුගල සහ මිශ්‍ර යුගල වූ ඉසව් 79 ක් යටතේ තරග ක්‍රියාත්මක වන අතර එම ඉසව් 79 යටතේ තරග 1352 ක් පැවත්වීමට බැඩ්මින්ටන් පිටි 5 ක් සූදානමින් සිටිනවා.