‘සිවිල් වැසියන් ඝාතනය කිරීමට කිසිදු හේතුවක් සාධාරණීකරණය කළ නොහැක’ ඉන්දීය අගමැති මොදී ඊශ්‍රායල් පාර්ලිමේන්තුව අමතයි

සටහන:සශිකලා මධුෂාණි
පෙබරවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී ඊයෙන්(25)ඇරඹි ඊශ්‍රායලයේ සිය දෙදින සංචාරයේදී ඊශ්‍රායල් පාර්ලිමේන්තුව අමතමින් ‘සිවිල් වැසියන් ඝාතනය කිරීමට කිසිදු හේතුවක් සාධාරණීකරණය කළ නොහැකි බව ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය නායකයකු ඊශ්‍රායල් පාර්ලිමේන්තුව අමතන ලද පළමු අවස්ථාව මෙය වන අතර නරේන්ද්‍ර මොදී 2023 ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රමුඛ සටන්කරුවන්ගේ ප්‍රහාරය ම්ලේච්ඡ ලෙස හෙළා දකිමින්, ඉන්දියාව පුර්ණ විශ්වාසයෙන් ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදී ඊශ්‍රායලයේ බෙන් ගුරියන් ගුවන් තොටුපළේදී ඇති උත්කර්ෂවත්ව පිළිගනු ලැබු ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, නරේන්ද්‍ර මොදී මිතුරෙකුට වඩා සහෝදරයකු බවත්, දෙරට විශ්වාසවන්ත හවුල්කරුවන් බවත්, වෙළඳාම සහ ආරක්ෂාව, කෘතිම බුද්ධිය සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියා කරන බවත්ය.

ඉන්දියාව ඊශ්‍රායලයේ විශාලතම අවි ගැනුම්කරු වන අතර, 2020 සහ 2024 අතර කාලය තුළ ඊශ්‍රායල අවි සඳහා ඩොලර් බිලියන 20.5 ක් වියදම් කර ඇති අතර ගාසා තීරයේ පලස්තීනුවන් සමූල ඝාතනය කිරීමේදී ඊශ්‍රායලයට සහාය දැක්වීම සම්බන්ධයෙන් මෝදිට විවේචන එල්ල වී ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...