*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

රුපියල් කෝටියේ විදුලි බිල ගැන ඇමති කෙහෙළියගෙන් කරුණු පැහැදිලි කිරීමක්

තමන් පදිංචිව සිටි කොළඹ 07, සරණ පාරේ නිවසේ විදුලි බිල සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් අවිධිමත් සහ අසාමාන්‍ය ඉහළ මට්‍ටමේ විදුලි බිල්පත් තමන් වෙත යොමු කළ අතර අවස්ථා ගණනාවකදී ඔවුන්ගෙන් ඒ පිළිබඳ විමසීම් සිදු කළත් ප්‍රතිචාර නොලැබුණු බැවින් මෙම තත්වය උද්ගතව ඇති බවයි.

තමන් මෙම නිවසේ පදිංචියට පැමිණියේ 2015 වසරේදී බව පවසන කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඒ සමයේදී සාමාන්‍යයෙන් නිවසේ විදුලි බිල රු. 25000 – 30000 අතර මට්ටමක පැවති බවත් ඒ සීමාව සාධාරණ බැවින් තමන් එම බිල්පත් ගෙවා දැමූ බවත් පවසයි. නමුත් පසුකාලීනව විදුලි බිල්පත්වල අසාමාන්‍ය වැඩිවීමක් තමන්ට දක්නට ලැබුණු අතර ඇතැම් අවස්ථාවල රුපියල් ලක්ෂය, ලක්ෂ එකහමාර, ලක්ෂ දෙක වශයෙන් බිල්පත් පැමිණි අතර එක් වතාවක රුපියල් 760,000 ක බිලකුත් ලැබුණු බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

මෙම අසාමාන්‍ය තත්වය පිළිබඳ පැහැදිලි කරගැනීම සඳහා තමන් ලංකා විදුලිබල මණ්ඩලයට අවස්ථා දෙකකදී ලිඛිත දැනුවත් කිරීම් කළ අතර තවත් අවස්ථා ගණනාවකදී ඇමතුම් ලබාදුන් නමුත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම මෙම නිවසේ විදුලි බිල තමන්ගේ නමට නොව විවිධ පුද්ගලයින්ගේ නමට පැමිණි බවත් එවැනි බිල්පත් අවම වශයෙන් තමන්ගේ ආදායම් වාර්තාවට පෙන්වීමට හෝ වෙනත් අයකර ගැනීමක් කිරීමට නොහැකි බැවින් එය තමන්ට බරපතළ ප්‍රශ්නයක් වූ බවත් ඒ මහතා සඳහන් කරයි. මෙවැනිම තත්වයක් තමන්ගේ ජල බිල්පත සම්බන්ධයෙන් ද උද්ගත වූ නමුත් ඔවුන්ට ඒ බව දැනුම් දුන් වහාම එය නිවරදි කළ බවත් ඒ මහතා සිහිපත් කරයි.

මේ අතර පසුගිය ජනවාරි මාසයේදී විදුලිබල මණ්ඩලය තමන්ට රුපියල් මිලියන 7ක විදුලි බිලක් එවා තිබුණු අතර තමන් එය ගෙවා දැමූ නමුත් ඒ මුදල රැගෙනත් ඔවුන් ලදුපත නිකුත් කළේ තමන්ට පෙර අදාළ නිවසේ පදිංචිව සිටි පුද්ගලයාගේ නමට බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මෙවැනි අවුල්සහගත තත්වයක් තුළ පවා එවැනි විශාල මුදලක් ගෙවීමට තමන් කටයුතු කළේ තමන් මේ රටේ වගකිවයුතු පුද්ගලයෙකු නිසා බව පවසන ඒ මහතා මේ වනවිට මේ කාරණය නීති මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා තමන් සිය නීතීඥයින් වෙත භාරදී ඇති බවත් සිය ට්විටර් පණිවිඩය ඔස්සේ ප්‍රකාශ කරයි.

රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික හිඟ බිල්පත් අය කරගැනීම සඳහා විදුලිබල මණ්ඩලය විසින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත යොමු කළ ලිපිය පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයට ලක්ව තිබුණු අතර පාර්ලිමේන්තුවේදී ද මේ පිළිබඳ සංවාදයට ලක්ව තිබිණි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan