යුද්ධයට එරෙහිව යුක්රේනයට මානුෂීය ආධාර සැපයීමට IOC ඉදිරිපත් වෙයි

Date:

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) රුසියාවේ යුක්රේන ආක්‍රමණයට එරෙහිව සිය කණස්සල්ල ප්‍රකාශ කරමින් තත්ත්වය සමීපව නිරීක්ෂණය කිරීමට සහ රටේ ඔලිම්පික් ප්‍රජාවේ සාමාජිකයින්ට මානුෂීය ආධාර සම්බන්ධීකරණය කිරීමට කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ද පියවර ගෙන ඇත.එහිදී අයිඕසි ය දැඩිව රුසියාවට විරෝධය පළ කරන්නේ ඔලිම්පික් සටන් විරාම ගිවිසුම නොසළකා රුසියාව කටයුතු කිරීම ගැනය.

ශිත සෘතු ඔලිම්පික් උළෙල ඇරඹි දින ට, දින හතරකට පෙර ආරම්භ වන සටන් විරාමය පැරා ඔලිම්පික් නිමාවන මාර්තු 20 වන දින සිට දින හතක් ඉදිරියට ද වලංගු වේ.රුසියාව බිඳ දමමින් සිටින්නේ ඔලිම්පික් හා බැඳුණු ලෝකයම එකඟතාවයෙන් යුතුව රකින මානුෂිය ගිවිසුමක්ය.
සටන් විරාමයේ ආත්මය යැයි ග්‍රීක මිත්‍යා කතාවන්හි හැඳින්වෙන එකෙචේරියා (Ekecheiria) පදනම් කර ගනිමින් ඇති කරගෙන තිබෙන මේ සටන් විරාම සංකල්පය රුසියාව මීට පෙර ද බිඳ දමා ඇති බව ද අයිඕසී ය පෙන්වා දෙයි.
ක්‍රීඩාවේ සහ ඔලිම්පික් සංකල්පයේ පරමාදර්ශය මත පිහිටා සාමකාමී වඩාත් යහපත් ලෝකයක් අපේක්ෂා කරන ලෙස ලෝකයේ සියලු රටවල් වෙතින් ඉල්ලා සිටින අයිඕසි,ඔලිම්පික් ක්‍රීඩකයින් විසින් සකස් කරන ලද සහයෝගිතාවයේ සහ සාමයේ ආදර්ශ පිළිපඳින ලෙස ලෝක දේශපාලන නායකයන්ට මෙවර ශිත සෘතු ඔලිම්පික් තරගාවලිය අවාසනයේදී ද සිහිපත් කළේය.ඒ අයිඕසි ප්‍රධානි තෝමස් බැච් එම තරඟ උළෙලේ සමාප්තියට සම්බන්ධ වෙමින් කරන ලද අදහස් දැක්වීමේදී ය.

නමුත් හිතුවක්කාර රුසියාව ලෝක ප්‍රජාව මායිම් නොකරමින් යුක්රේනය දෙසට අවි අමෝරාගෙන සිටින අතර මේ ඡායාරූපයේ දැක්වෙන්නේ පෙබරවාරි 24 වන දා යුක්රේනයට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ජනතාව යුක්රේන අගනුවරින් ඉවත්වෙමින් සිටින අයුරුයි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...