IOC මිල ඉහළ ගියත් සිපෙට්කෝ මිලේ වෙනසක් නැහැ

Date:

ඉන්දියන් ඔයිල් සමගම විසින් ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ දමා තිබුණද ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් එම ඉන්ධන මිලේ ඉහළ යාමක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඊයේ රාත්‍රියේදී ඉන්දියන් ඔයිල් සමගම විසින් පෙට්‍රල් ලීටරයක මිල රු. 20කින් හා සියලුම වර්ග වල ඩීසල් මිල රු. 15කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව ඉන්දියන් ඔයිල් සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රු..204 දක්වා ඉහළ ගොස් ඇති අතර ඩීසල් ලීටරයක නව මිල වන්නේ රු. 139කි.

ඉන්දියන් ඔයිල් සමාගම විසින් ආසන්න වශයෙන් පසුගිය 06 වැනිදාද ඉන්ධන මිල ඉහළ දමන ලදී.

මෙම තත්ත්වය මත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ඉන්ධන මිල ඉහළ දැමීමට අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබුණද තවමත් ඊට අවසර හිමි වී නැත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...