එකිනෙකා මත රඳාපවතින ලෝකයක පණිවිඩ යැවීමට තෝරාගත් ක්‍රමය ගැන පුටින් නැවත වරක් සිතා බැලිය යුතුයි: ඩයනා

Date:

යුක්රේනය සහ රුසියාවට වේදනාවක් ගෙන දෙන ඕනෑම කරුණක් ශ්‍රී ලංකාවට ද බලපාන බවත්, ඒ විවිධ ද්වීපාර්ශ්වික සබඳතා ඇතුළු මෙම රටවල් දෙක සමඟ ශ්‍රී ලංකාව පවත්වා ගෙන තිබෙන දිගුකාලීන මිත්‍රත්වය නිසා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය අවධාරණය කළාය.

යුක්රේනය සහ රුසියාව අතර මතුවී ඇති තත්ත්වය සිවිල් යුධ තත්ත්වයකින් පීඩා විඳි රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට හොඳින්ම දැනෙන බවත්, දෙරට අතර මතුව ඇති තත්ත්වය නිරාකරණය කිරීම සඳහා රුසියානු ජනපති පුටින් තෝරාගෙන ඇති ක්‍රමවේදය පිළිබඳව ඔහු නැවත වරක් සිතා බැලිය යුතු බවත් ඒ මහත්මිය පෙන්වා දුන්නාය.

“යුද්ධය පැවති සමයේ පටන් අද දක්වා අපේ සමාජ බොහෝ දුර පැමිණ තිබෙනවා. නමුත් එයින් සෑම පාර්ශවයකටම ගෙවීමට සිදුවූ වන්දිය කොපමණ ද යන්න සිහිකිරීමට අප සිතාවත් නැහැ. ජල තටාකයට වැටුණු යමක් මෙන් එහි විඳවීම කාලය පුරාවටම රැව් දෙනවා. අප සැවොම මේ මිහිමත සිටින එක පවුලක්. බොහෝ අවස්ථාවන් වල අන් අයට වඩා අපට සමීප වන්නේ අපගේ අසල්වාසීන්. ඒ අපේ සංස්කෘතියේ සහ සම්ප්‍රදායේ බොහෝ පැති බෙදා හදා ගනිමින්. මම පුටින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මෙය මතකයේ තබා ගන්නා ලෙසයි. වර්තමානයේ එකිනෙකා මත රඳා පවතින හා සම්බන්ධ වූ ලෝකයකට පණිවුඩ යැවීමට ඔහු තෝරාගන්නා ක්‍රමවේදය පිළිබඳව යළි සිතා බැලිය යුතුයි. මේ තිබෙන්නේ, බොහෝ රටවල පුරවැසියන් වෙනත් ජාතීන් වෙත සංචාරය කරමින්, ඔවුන්ගේ අනන්‍යතා බෙදාහදා ගනිමින්, පරිසරයෙන් ඉගෙන ගනිමින්, අප සැවොම උත්සාහ කරන අනාගතය ගොඩනඟා ගැනීමට එක්වන ලෝකයක්. ඉදිරි ගමනේදී අප සෑම දෙනෙකුටම නොවැළැක්විය හැකි අන්දමින් මුහුණ දීමට සිදුවන දුෂ්කරතා සාක්ෂාත් කර ගැනීම සඳහා අපගේ උපරිම ශක්තිය යෙදිය හැකි ලෝකයක්,” ඈ පවසා සිටියාය.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය මේ බව ප්‍රකාශ කළේ මීට දින දෙකකට ඉහත (24) රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දක්වමිනි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...