*
Friday, October 18, 2024
spot_img

Latest Posts

සමහරු කාන්තාව දේශපාලන ඉත්තන් කර ගත්තට අපි කාන්තාව රටේ සංවර්ධන⁣යේ ගාමක බලවේගය කරනවා – සජිත්

අතීතයේ කාන්තාවන්ට දෙවිනුවර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා කිසිදු කරදරයකින් තොරව ගමන් කළ හැකි වුවත් අද එවැනි තත්ත්වයක් රට තුළ නොමැති බවත් කුඩා දරු දැරියන්ට එරෙහි අපරාධ අතින් ලංකාව දෙවැනි තැනට පැමිණ ඇති බවත් 2023 පමණක් එවැනි අපරාධ 9400ක් වාර්තා වී ඇති අතර ඉන් 1502ක් ලිංගික අපචාර බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අප රටේ කාන්තාවන්ගෙන් අඩකඩ වැඩි ප්‍රමාණයක් ගෘහස්ත හිංසනයට ලක්ව ඇති බවත් අප රටේ කාන්තාවන්ට ඇත්තේ සෝචනීය ඛේදනීය තැනක් නිසා මෙය වෙනස් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නිසි ආරක්ෂාව, සුදුසු පරිසරය සහ රැකවරණය නොමැති නිසා ශ්‍රම බලකායෙන් අප රටේ කාන්තාවන් සිටින්නේ 34%ක් බවත් කාන්තාවන්ට නිවසේදී ප්‍රවාහනයයේදී වැඩබිමේදී අතිමහත් බහුතරයක් පීඩනයකට හිංසනයට අසහනයට ලක්වන බවත් ආර්ථික අර්බුධයෙන් පවා පීඩනයට ලක්ව ඇත්තේ කාන්තාව බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගෙදර බුදුන් අම්මා ලෙස හැදින්වුත් ළමා මන්දපෝෂණය මාතෘ මන්දපෝෂණය බරපතල ගැටලුවක් වී ඇති බවත් කාන්තා දින සැමරුම් පැවැත්වුවත් ඉන් කිසිදු දෙයක් මේ වන විටත් සිදු නොවී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2019 ජනාධිපතිවරණයේදී කවුරුත් කාන්තාවන් ගැන කතා නොකළත් තමා කාන්තාවන් වෙනුවෙන් පමණක් ප්‍රඥප්තියක් සකස් කළ බවත් අද කාන්තාව දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගාමක බලවේගයක් ලෙස හැදින්වුවාට කාන්තාව දේශපාලන ආයුධයක් කර ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ රටේ 52%ක් කාන්තාවන් අපේක්ෂා කරන්නේ දේශපාලනඥයන්ගෙන් පාඩම් දේශන නොව ගැටලුවලට පිළිතුරු බවත් එමනිසා චාටු කතාවලට නොරැවටෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මහනුවර පැවැති සමගි වනිතා සමුළුව අමතමිනි.

දේශපාලන මතයෙන් තොර කාන්තා ගිවිසුමක්

මෙවරත් සමගි ජන බලවේගය කාන්තා ගිවිසුමක් සකස් කරන බවත් එය දේශපාලනඥයන් ගේ මතවාදවලින් නොව බිම්මට්ටමේ ජනතාවගේ අදහස්වලින් සුපෝෂිත වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආධාර පරිත්‍යාග ගෙදර කාන්තාවට පමණයි

ගෙදර සිටින මව දුදරුවන් ඉතිරි කිරීම ගැන සිතන බවත් ඇයි සිගරට් එක වයින් ස්ටෝර්ස් එක ගැන සිතන්නේ නැති නිසා ඇයව සවිබල ගැන්විය සිදුවිය යුතු බවත් සමගි ජන බලවේග රජයක් තුළ සියලුු ආධාර ලබා දෙන්නේ කාන්තාවන්ට බවත් ඒ තුළින් ඇය සවිබල ගැන්විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාන්තාවන් වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක්

එසේම කාන්තාව වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් ඇති කර ඒසදහා දිවයින පුරාසිටින කාන්තාවන් සම්බන්ධ කර ගෙන කාන්තා කොමිසමක් ඇති කර ඇයට දිරිය ශක්තිය අනුග්‍රහය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සැම ග්‍රාමසේවා වසමකටම පවුල් සෞඛය සේවා නිලධාරියක් පත් කර ළමා හා මාතෘ මන්දපෝෂණය දුරලන්න ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කවුරු කුමන කතා කිව්වත් කාන්තා සෞඛ්‍ය ශක්තිමත් කරනවා

කාන්තා සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කරන බවත් අදාළ සෞඛ්‍ය මෙවලම් භාවිත නොකරණ නිසා විවිධ සෞඛ්‍ය ගැටලු ඇති වන නිසා ඒ ගැන අවධානය යොමු කරන බවත් පෑඩ් මෑන් යනුවෙන් අන්වර්තනාම පටබැදුනත් කමක් නැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ක්ෂුද්‍ර මූල්‍ය ණයට තිත

ක්ෂුද්‍ර මූල්‍ය ණය අරමුදලට යටවී සිටින කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වී ඉන් මුදවා ගෙන වීරෝධාර කාන්තාව ආර්ථික වර්ධනයට ශක්තිය ලබා දෙන ව්‍යවසායකයින් බවට පත් කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අසහනයන් රැසකට මැදිව ඇති කාන්තා මූලික ගෘහ ඒකක ඉලක්ක කර විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි.

අපි කාන්තාවන් දේශපාලන ඉත්තන් කර ගන්නේ නෑ

සමගි ජන බල වේගය කාන්තාවන් දේශපාලන ඉත්තන් කර නොගන්නා බවත් බංකොලොත් රටේ රජයටවත් කරන්න බැරි දේවල් රැසක් සමගි ජන බලවේගය ලබා දෙන බවත් සක්වල හා හුස්ම වැඩසටහන් එයට උදාහරණ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan