මෙවර උසස් පෙළ අවසන් කල දරුවන්ට සුබ පණිවුඩයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 26 කොළඹ (LNW):එළැඹෙන මාර්තු 05 වනදා සිට, මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තීය විෂයක් නොමිලයේ හැදෑරීම ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේය.

මෙම පුහුණු වැඩසටහන දිවයින පුරා මධ්‍යස්ථාන 300 ක් යොදා ගනිමින් ක්‍රියාවට නැංවෙන බවත්, මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු ඊට පෙනී සිටි සිසුන්ට ද මේ ආකාරයේම පුහුණු වැඩසටහන් සැලසුම් කර ඇති බව ද වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසීය.

තවද, ඉදිරියේ දී පාසලට පැමිණෙන සියලු‍ ගුරුවරුන් තොරතුරු තාක්ෂණ දැනුමෙන් හොඳින් සන්නද්ධව සිටිය යුතු බව ද ඒ මහතා සඳහන් කළ අතර, දැනට සෑම කලාපයකටම එක බැගින් පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන ඇසුරින් ගුරුවරුන් පුහුණු කිරීමට විශාල වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවද කියා සිටියේය.

දැනට පවතින පරිගණක සම්පත් මධ්‍යස්ථාන සංඛ්‍යාව 100 ක් වන බවත් ඉදිරියේ දී එම සංඛ්‍යාව තවත් දාහතකින් වැඩි කිරීමට මේ වන විටත් කටයුතු යොදා තිබෙන අතර, ගුරුවරුන් වෙත පරිගණක පුහුණුව ලබාදෙන අතර මෘදුකාංග සංවර්ධනයට සහ අලු‍ත්වැඩියා කටයුතු වෙනුවෙන් කලාප මට්ටමින් පිරිසක් සකස් කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා පවසයි.

කෙසේ වෙතත්, ඉදිරි සති කිහිපය තුළ සෑම පාසලකම පන්ති කව ආරම්භ කළ යුතු අතර ඒ හරහා දරුවන් සම්බන්ධයෙන් දෙමව්පියන් මැදිහත් විය යුතු ආකාරය දැනුවත් කළ යුතු බව ද වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...

අවසන් පැතුමක් ඉටු විය! රොක්ස්ටාර් නිහඬවම GTA 6 සිහිනයක් සැබෑ කරයි.

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): නොවැම්බර් මාසයේ එළිදැක්වීමට...

වාහන සිය ගණනක් අනතුරට හෙළු මිචිගන් හිම කුණාටුව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඇමෙරිකාවට බලපා ඇති හිම කුණාටු තත්ත්වයත් සමග...