ප්‍රෙඩ්නිසිලොන් ඖෂධයක් ගෙන්වීමට අදාල විමර්ෂණ ඖෂධ අධිකාරිය යට ගහලා – පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය CID යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 26 කොළඹ (LNW): ආන්දෝලානාත්මක ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වූ ක්‍රමයටම ප්‍රෙඩ්නිසිලොන් ඖෂධයක් ගෙන්වීමට අදාල විමර්ෂණ ඖෂධ අධිකාරිය යට ගසා ඇති බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

2023 ජනවාරි මාසයේදී ප්‍රෙඩ්නිසිලෝන් නැමති ඖෂධය ගෙන්වීම සඳහා ඉදිරිපත් කර තිබූ ව්‍යාජ WOR සහතිකයක් සහ ඊට අදාල තවත් ව්‍යාජ සහතික දෙකක් පිළිබඳව ඖෂධ අධිකාරීයට වාර්ථා වී ඇතත්, ඒ පිළිබඳව විමර්ෂණ ඉතා සූක්ෂමව අයුරින් යට ගැසීම හේතුවෙන් ව්‍යාජ සහතික හරහා සිදුවූ ඖෂධ ජාවාරම, ඖෂධ අධිකාරියේ දැණුවත් මෙහෙයුමක් මත සිදු වන්නක් බව පෙනෙන්නට ඇති බව ඔවුන් පවසයි.

2023 සැප්තැම්බරයේදී ඉමියුනෝග්ලොබියුලින් පිළිබඳ ව්‍යාජ WOR සහතිකය හෙලිදරව් වීමත් සමග, ප්‍රථම වතාවට එවන් තත්වයක් ඇතිවූවා සේ හඟවමින් ඖෂධ අධිකාරිය වරදින් ගැලවීමට උත්සාහ දරමින් සිටියද, ඊට පෙර එම වසරේ ජනවාරි මාසය තුල හමුවූ ව්‍යාජ සහතික හරහා සිදු වූ ජාවාරම යට ගැසීම හරහා ඖෂධ නියාමන අධිකාරිය හොර සහතික පිළිබඳව විධිමත් මැදිහත් වීමක් නොකරමින් දීර්ග කාලයක් තිස්සේ එම තත්වයට ඉඩ හැර තිබීම පිළිබඳ අද දින පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිනිල්ලක් ඉදිරිපත් කල බවද කියයි.

ව්‍යාජ සහතික හරහා ගෙන්වා ඇති ප්‍රෙඩ්නිසිලෝන් ඖෂධය පිළිබඳව පුර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙසත්, ඉමියුනෝග්ලොබියුලින් සඳහා ඉදිරිපත් කර තිබූ ව්‍යාජ සහතික පිළිබඳ අනාවරණය නොවූ රහස් එමගින් හෙලිදරව් කර ගන්නා ලෙසත්, බලමණ්ඩලය විසින් එහිදී ඉල්ලා සිටින බවත්, අදාල ව්‍යාජ සහතික ඉහතින් දක්වා ඇති බවද පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 17) දිනයේදී බස්නාහිර සහ...

ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය වාර්තා වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය...

ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමු අමුවේ උල්ලංඝනය කරනවා – විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන්...

ඊශ්‍රායල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යැවීම තාවකාලිකව අත්හිටුවයි

සටහන - රුවන් නෙළුගොල්ල ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යැවීම...