ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීම වැළැක්විය නොහැකියි – ජී එල් පීරිස්

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 26 කොළඹ (LNW) : අද (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් දැක්වූ මහාචාර්ය ජී එල් පීරිස් මහතා කියා සිටියේ, විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් කථානායකවරයාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවට අත්සන් ලබා ගැනීම අද දිනයේ සිදුවූ බවයි. වසර 93 ක් ආරක්ෂා කර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර දැමීමට කතානායකවරයාට ඉඩ නොතබන බවත්, මාර්ග ගත ආරක්ෂණ පනත ආණ්ඩුක්‍රමය ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුවේ සම්මත කරගත් බවත් කියා සිටින ඒමහතා ,කථානායකවරයා යනු විධායකයේ දිගුවක් නොවන බව වැඩිදුරටත් කියා සිටියේය.

මාර්ගගත ආරක්‍ෂණ පනත සම්මත කරගත්තා සේ ප්‍රති ත්‍රස්ත පනත සම්මත කරගතහොත් නීතිය ස්වාධීනත්වය නිසේද වන බවත්, එය රටේ ආර්ථිකයට ද බලපාන බවත් මහාචාර්‍යවරයා කියා සිටී.

වත්මන් රජයේ තම බලය තහවුරු කර ගැනීම සඳහා ගෙන එනු ලබන පනත් මගින් දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ප්‍රතිවිපාක විඳින්නට සිදුවන බවත්, වත්මන් රජය ජාත්‍යන්තර ගිවිසුම් අමු අමුවේ උල්ලංඝනය කළහොත් GSP* සහනය රටට අහිමි විය හැකි බවත් පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුව විධායකයේ ග්‍රහණයට ලක්වුවහොත් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමටද නොහැකි වන බවත්, පොලිස්පතිවරයෙක් පත්කර ගැනීම ප්‍රමාද වන්නේ විධායකයේ හා ව්‍යවස්ථා සභාව අතර පවතින මත ගැටුම නිසා බවත් කියයි.

ස්වාධීන කොමිෂන් සභා වත්මන් විධායකයේ ග්‍රහණයට ලක් කිරීමට උත්සාහ කරන බවත්,එසේ කළහොත් එයට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂය පෙළගැසෙන බවත්, මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරියේදී ජනාධිපතිවරණයේ පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කිරීමට අනිවාර්යෙන්ම සිදු කල යුතු බවත් පෙන්වා දෙයි.

ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්විය යුතු බවත්, එය කාටවත් වැළැක්විය නොහැකි බවත්, රජයට විරුද්ධ නැගී එන මහජන මතය මර්ධනය කිරීම සඳහා රජය නොයෙකුත් උපක්‍රම යොදමින් සිටින බවත්,එය පරාජය කිරීමට විපක්ෂය කටයුතු කරන බවද,සදහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...