තවත් නව සභාපති තනතුරක්!

0
2557

රෂිකා හෙන්නායක පෙබරවාරි 27, කොළඹ (LNW):

අරවින්ද සිරිනාථ මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී වැඩ භාරගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජවේ දී උපාධිධාරියකු වන අතර, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් ද වේ.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙන් අධ්‍යාපනය ලබා පෞද්ගලික අංශ ගණනාවක සේවය කළ අයෙකුද වේ.

දේශපාලනය සහ රැකියාව පටලවා නොගෙන ක්‍රියා කළ යුතු බව, වැඩ බාරගැනීමෙන් අනතුරුව අදහස් දක්වමින් සිරිනාථ මහතා පැවසුවේය.