පුතාණෝ සංකල්පය ගැන මට විශ්වාසයක් නැහැ – එජාප නවීන්

Date:

කොළඹ LNW:තමන් හැමවිටම පුතාණෝ සංකල්පය විශ්වාස නොකරන අතර එතනින් එහාට ගොස් දේශපාලනය ගැන ගැඹුරින් හිතන්න අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති නවීන් දිසානායක මහතා පවසයි.

අද තිබෙන්නේ එදා තිබුණ එක්සත් ජාතික පක්ෂය නොවන අතර එය කැඩී ගොස් ඇති බවත් සජබ යද දිනෙන් දින පිරිහෙමින් තිබෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

”මට කණගාටුයි කියන්න,එක්සත් ජාතික පක්ෂය අද එදා තිබුණ එක්සත් ජාතික පක්ෂය නෙවෙයි. එක්සත් ජාතික පක්ෂය කැඩිලා. අපේ රටේ ජනතාවට ශක්තිමත් විපක්ෂයක් තියෙනවද? අද විපක්ෂය නිදි. සජබෙ ශක්තිමත්ව තිබ්බා. නමුත් දවසින් දවස පිරිහෙනවා. ජනාධිපතිවරණයට ප්‍රේමදාස මහත්තයා දෙපාරක් ඉදිරිපත්වුණා. දෙපාරම පරාදයි. තුන්වෙනි පාර ඉතාම අමාරු වෙනවා. ඒක එතුමා තේරුම් ගන්න අවශ්‍යයි. අපිටත් හරිගිහිල්ලා නැහැ එතුමාට හරිගිහිල්ලත් නැහැ. ගාමිණීගේ පුතා හැටියට නෙවෙයි මේ කියන්නේ. මම ඔය හැමවෙලාවෙම පුතාණෝ කියන සංකල්පය විශ්වාස කරන්නේ නැහැ. නාමල් හිතනවා නම් මහින්ද රාජපක්ෂයේ ජන්ද එයාට ගන්න පුළුවන් කියල ඒක වෙන්නේ නැහැ. සජිත් එක්කත් මම මේ සංවාදය කළා. ඊට වඩා ගැඹුරට ගිහිලා අපි දේශපාලනය ගැන ගැඹුරට හිතන්න අවශ්‍යයි.” යනුවෙන් නවින් දිසානායක මහතා පවසයි.

නවීන් දිසානායක මහතා මෙම අදහස් දක්වා සිටියේ මහනුවරදී එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...