ලංකාවට ඉතුරු විරේන් විතරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 27,(LNW)කොළඹ :

HUNDRED Sri Lanka International Challenge 2025 ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රීඩිකාවනට ජයග්‍රහණය පහසු එකක් නොවේය.එහි වැදගත්කම ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා හොඳ මඟ පෙන්වීමක් සහ පුහුණුවක් වැඩි ලාංකිකයන් ප්‍රමාණයකට ලැබෙන ඉඩක් විවෘත වීමය.මේ සඳහා හොඳ උදාහරණයක් ඊයේ දවසේදී දැක ගන්නට ලැබිණ.ඒ රනිත්මා ලියන්ගේට සිය පළමු තරගයෙන්ම පරාජය හිමිවීම ය.ඇය ශ්‍රී ලංකාවට වඩා විශාල වශයෙන් පොහොසත් ඉන්දීය බැඩිමින්ටන් සංස්කෘතියට අයත් වන අදිති බාට් අතින් පරාජය වැළඳ ගත්තාය.


ඉන්දියානු ක්‍රිඩීකාව 21 හැවිරිදි රනිත්මාට වඩා අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක් වුවත් කණගාටුවට කරුණ ඇය මේ තරගාවලියේ ප්‍රධාන තරග සැළසුමට එක්වීම සඳහා සුදුසුකම් ලැබීමේ වටයෙන් පැමිණි ක්‍රීඩිකාවක් වීමය.ඇය රනිත්මාව විනාඩි 32 දී 21 -1 4 සහ 21 -19 ක් ලෙස පරාජයට පත් කළාය.එහෙත් අදිති 2019 සිට ජාත්‍යන්තර තරගාවලිවල සූරතාවයන්ට හිමි කම් කියන ක්‍රීඩිකාවක් වන අතර ඇය ඉකුත් 2024 වසරේ දි තරග වැදීමෙන් වැළකී සිටීම නිසා මේ තරගයේදී සුදුසුකම් ලැබීමේ වටයට මුහුණ දෙන්නට වූ ක්‍රීඩිකාවක්ය.ඒ නිසා ඇය ඉදිරියේදී රනිත්මාට පමණක් නොව මේ තරගාවලියේම ජයග්‍රහණයට හේතු විය හැකි අන්දමේ දක්ෂතා සහිත ක්‍රීඩිකාවක් බව අමතක කරන්නට නොහැකිය.


කාන්තා ඒකල තරගවල ප්‍රධාන තරග රටාවට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සුදුසුකම් ලැබීමේ වටයෙන්ද සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූ අතර සිටිය එකම ලාංකේය ක්‍රඩිකාව වූ රනිත්මා පරාජය ලැබීමත් සමඟ කාන්තා කේවල ඉසව්වේ ශ්‍රී ලංකා බලාපොරොත්තු සියල්ල අවසන් විය.


ශ්‍රී ලංකා තරගකරුවන් අතරින් ප්‍රධාන තරග සැළසුමේ ක්‍රීඩකයන් හතරක් විය.ඉන් බුවනෙක ගුණතිලක සුදුසුකම් ලබා ගත්තේ සුදුසුකම් ලැබීමේ වටයට තරග කිරිමෙන් ඉනික්බිතිවය.මේ වන විට මූලික වටයේදී බුවනෙක සහ දුමිඳු අබේවික්‍රමත්,රසිදු හෙන්දහේවාත් යන තිදෙනාම පරාජය වී අවසන්ය.ඉතුරුව සිටින්නේ මේ සුදුසුකම් ලැබීමේ කාණ්ඩයේ තරගකරුවන් අතර දක්ෂතා අනුව අංක හතරට ශ්‍රේණිගතව සිටින විරේන් නෙත්තසිංහ පමණක්ය.


ශ්‍රී ලංකා පිරිමි යුගල කණ්ඩායම් කිසිවකට ප්‍රධාන තරග සැළසුමට පිවිසෙන්නට නොහැකි වී සුදුසුකම් ලැබීමේ වටයෙන්ම ඉවත් වන්නට සිඳු විය.කාන්තා යුගල තරගවලදීද අත් වූයේ එම ඉරණමමය.ප්‍රධාන සැළසුමට ඇතුළත්ව සිටි හසිනි අම්බලන්ගොඩගේ සහ හසාරා විජයරත්නත් පරාජය විය.එසේම ලාබාල සිතුම් ද සිල්වා සහ ඉසුරි අත්තනායකටත් පරාජය අත් විඳින්නට විය.මිශ්‍ර යුගල තරගවලදීත් ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ වටයවත් ජය ගැනීමට හැකියාව නොලැබිණ.


මෙහිදී ක්‍රීඩා අමාත්‍යංශය අවධානය යොමු කළ යුතු වැදගත්ම කරුණක් ද ඇත.ඔවුන් මේ තරගාවලියට පිටිය ලබා දීමට හෝ උපකාර කළේ නැත.ලෝක සංගමයද මෙහි දායකයෙකුව සිටියදී ශ්‍රී ලංකාව සමහර ලෝක සංගම්වලට සහ ආසියාතික සංගම්වලට නැමෙන නැමිල්ල බැඩිමින්ටන්වලදී දැක්වීම අතපසු කර ඇත.ඒ අතපසු කර ඇති තරගාවලියේ දී මේ දක්වා පැවති තරගවලින් ඉතිරිව සිටින්නේ විරෙන් නෙත්තසිංහ පමණි.ඒ තරම් ප්‍රබල තරගකරුවන් සහ රටවල් මේ තරගාවලියට පැමිණ සිටියි.වැදගත් මේ මොහොතේ මේ තරම් ලෝක අවධානයකට ශ්‍රී ලංකාව ලක්වන තරගාවලියක් දෙස වගකීමෙන් තොරව කටයුතු කරන්නට ක්‍රීඩා අසාත්‍යංශය පොළඹවන ලද්දේ කවුරුන් විසින් ද කියා අවබෝධ කර ගැනීමය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කහ සහ ඉගුරු වගාවටත් හොද කාලයක්!

කොළඹ LNW:වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු...

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සම්පත් මනම්පේරි අධිකරණයට භාරවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය ප්‍රදේශයේදී...

කීරි සම්බා හිඟයට හේතුව?එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය කියන කතාව..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : වර්තමානය වන විට වෙළඳපොළේ...

ලෝකයේ දියුණුතම ජාතිය ලංකාවේ ඇති කිරීමේ අභියෝගය අපි භාරගත්තා අපිට එය කළ හැකියි : ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : මෙරට සමස්ත ආර්ථිකය සහ...