රුමේෂ් පොඩි ඉඩක ලොකු අඩව්වක් අල්ලයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 27,(LNW)කොළඹ :

ඔස්ට්‍රේලියාවේ පැවත්වෙන වෘත්තිමය ක්‍රීඩකයින් සහභාගි වන මලල ක්‍රීඩා තරගාවලි කිහිපයකදී සිය හෙල්ල වීසි කිරීම උරගා බැලීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින ශ්‍රී ලංකාවේ හෙල්ල වීසිකිරීමේ ඉසව්වේ ජාතික වාර්තාලාභී රුමේෂ් තරංග මාර්තු පළමුවන දින පර්ති හී දී සිය ප්‍රධාන තරගයකට එක්වීමට පෙර පැවති තරගයකදී මීටර් 82.66 ක දක්ෂතාවයක් දක්වා ජය ගැනීමට සමත් වුණා.
තරගකාරීත්වය අඩු මට්ටමක පැවති තරගයකදී රුමෙෂ් පෞද්ගලිකව මෙවැනි දස්කමට යාමෙන් තහවුරු කරනු ලැබුවේ මාර්තු පළමුවන දා පැවත්වෙන තරගයට ඔහු වඩාත් හොඳින් සූදානම්ව සිටින බවයි. ඔහු ජයගත් තරගයේ තරම එම ප්‍රතිපල ලේඛණය හරහාම වුවත් හඳුනාගත හැකියි.
රුමේෂ්ගේ ශ්‍රී ලංකාවේ පුහුණුකරු ටෝනි ප්‍රසන්නගේ උපදෙස්වලට අමතරව ඔහුට මේ දිනවල ක්වවින්ස්ලන්ත ප්‍රාන්තයේ සිටින සුපිරි හෙල්ල වීසි කිරීමේ පුහුණුකරුවෙකු වන මයික් බාබර්ගේ මඟ පෙන්වීමත් ලැබෙනවා.ඒ නිසා අපි මීට පෙර යෝජනා කළ හැටියට පර්ත් අවට සිටින ලාංකිකයන්ට කාල සටහනෙන් රුමේෂ් තරග වඳින වේලාව දැන ගැනීමට හැකියි.
https://bit.ly/3CWhPfT

එසේම දැනටත් ඔස්ට්‍රේලියාවේ සිටින ලාංකිකයන් යම් පිරිසක් රුමේෂ් වෙනුවෙන් යම් යම් දේ කිරීමට ලංකා නිව්ස් වෙබ් .නෙට් වෙබ් අඩවිය හරහා කෙරුණු ඉල්ලීම් අනුව එකතු වී සිටින අතර ඔවුන්ටද අප රුමේෂ් වෙනුවෙන් සහ ලංකාවේ මලල ක්‍රීඩාව වෙනුවෙන් ස්තූතිය ප්‍රකාශ කර සිටිනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...