Home පුවත් ක්‍රී​ඩා හිටපු ඔලිම්පික් පිහිණුම් සූරයාගේ තනතුරේ ආයුෂ වැඩි කිරිම ගැන ඔස්ට්‍රේලියා ක්‍රීඩා ඇමතිණිය...

හිටපු ඔලිම්පික් පිහිණුම් සූරයාගේ තනතුරේ ආයුෂ වැඩි කිරිම ගැන ඔස්ට්‍රේලියා ක්‍රීඩා ඇමතිණිය සතුටට පත් වෙයි

0
3

නිශ්මං රණසිංහ පෙබරවාරි 27, කොළඹ LNW:

ඕස්ට්‍රේලියානු ක්‍රීඩා කොමිසමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඔලිම්පික් රන් පදක්කම්ලාභී පිහිණුම් සූරයෙකු වන කීරන් පාර්කින්ස් නැවත පත් කිරීම ගැන තමන් සතුටු වෙන බව ඔස්ටේලියානු රජයේ ක්‍රීඩා අමාත්‍යවරිය වන අනිකා වෙල්ස් පවසනවා.
වසර හතරකට පෙර මෙම තනතුරට පත් වූ කිරන් පර්කින්ස් ගේ සේවය 2031 දක්වා දීර්ඝ කිරීමට එරට ක්‍රීඩා කොමිසම විසින් ගත් තීරණය ගැන අමාත්‍යවරිය එසේ සතුට ප්‍රකාශ කර තිබෙනවා.


මේ වන විට 52 වන වියේ පසුවන කිරන් පාර්කින්ස් නිදහස් ආර ඉසව්වෙන් දස්කම් පෑ ඔලිම්පික් ජයග්‍රණ ගෙනා පිහිණුම් සූරයෙක් ලෙස කීර්තියට පත් වූ අයෙකි.2031 වසර දක්වා කිරන්ගේ සේවා කාලය දිීර්ඝ කිරීමට ක්‍රීඩා කොමිසම තීරණය කර ඇති අතර මේ දිනවල 2032 ඔලිම්පික් උළෙල වෙනුවෙන් බ්‍රෙස්බේන් සැකසෙමින් තිබියදී එහි උපන් කිරන් පාර්කින්ස්ගේ සේවය දිගු කිරීමෙන් 2032 ඔලිම්පික් උළෙල සඳහා ඔහුගේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව අපේක්ෂා කරනවා විය හැකියි.


ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ආයතනය විසින් මෙහෙයවනු ලබන බිම් මට්ටමේ සහ ප්‍රජා සහභාගීත්වයේ සිට ඉහළ කාර්යසාධනයක් සහිත මාර්ග දක්වා සමස්ත ක්‍රීඩා භූ දර්ශනය වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියට දක්වන ලද දායකත්වය ද මෙම තනතුර දීර්ඝ කිරීමට හේත් වන්නට ඇති අතර ඔහු වඩාත් කැපී පෙණුන මිටර් 1500 නිදහස් ආර ඉසව්වෙන් 1992 දී මෙන්ම 1996 දී ඔලිම්පික් රන් පදක්කම් දිනා ගන්නට සමත් වූ අයෙකි.1992 දී ම බාසිලෝනා ඔලිම්පික් උළෙලේ මීටර් 400 නිදහස් ආර රිදී පදක්කමද කිරන් දිනා ඇති අතර 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදී ද එම ඉසව්වට රිදී පදක්කම දිනාගෙන ඇත්තේ ද කිරන් පාර්කින්ස් ය.