ඩිජිටල් නොමෑඩ් වීසා පහසුකම් යළි ක්‍රියාත්මක වෙයි!

0
3

කොළඹ LNW:ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් නොමෑඩ් වීසා පහසුකම් යළි ක්‍රියාත්මක කර තිබේ.

කටුනායක ගුවන්තොටුපොලේදී නොමෑඩ් වීසා පහසුකම් යළි ක්‍රියාත්මක කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

පළමු නොමෑඩ් වීසා බලපත්‍ර යුක්‍රේන ජාතික යුවලක් වෙත නියෝජ්‍ය අමාත්‍යවරයා අතින් ප්‍රදානය කෙරුණි.

මෙරට තුළ සිටිමින් අන්තර්ජාලය හෝ මාර්ගගත ක්‍රමයට විදේශරටවල ව්‍යාපාර හෝ රැකියාවල නිරත වෙමින් මසකට අවම වශයෙන් ඇමෙරිකා ඩොලර් 2000 මෙරටට රැගෙන එන විදේශිකයන් සදහා ඩිජිටල් නොමෑඩ් වීසා පහසුකම හිමිවන අතර 2023 වසරේදී ඉතා කෙටි කාලයක් මෙය ක්‍රියාත්මක විය.

තම මව්රටවලින් ලබා ගන්නා පොලිස් සහතික සහ වෛද්‍යවාර්තා / ආගමන විමන නිලධාරීන් විසින් නිරීක්ෂණය කිරීමෙන් පසු වසරක කාලයක් සඳහා ඩිජිටල් නොමෑඩ් වීසා ඔවුන්ට හිමි වෙයි.

මෙය ඩිජිටල් ආර්ථිකයට රට තවදුරටත් විවෘත කිරීමක් ලෙස දැක්විය හැකිය.