රෂිකා හෙන්නායක පෙබරවාරි 27, කොළඹ LNW :
අද (27) දින මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පල්ලෙගලදෙබොක්කා ග්‍රාමසේවා වසමේ නෙළුම්මල ගම්මානයේ කිලෝමීටර් 5කට අධික ප්‍රදේශයක් නාය යෑමෙන් මිය ගිය අය සිහිපත් කරමින් තෙමස් පූර්ණ දානමය පුණ්‍යකර්මයක් පමුණුපුර, බටමුල්ල කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්වුණු අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එම අවස්ථාවට සහභාගී විය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ මෙම නාය යාමෙන් නෙළුම්මල ගම්මානයේ පවුල් 13කට අයත් පුද්ගලයන් 31 දෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර, ඔවුන් ඇතුළුව ආපදා තත්ත්වයෙන් මිය ගිය සියලු දෙනා සිහි කරමින් මහා සංඝරත්නය 70 නමක් විෂයයෙහි මෙම දානමය පුණ්‍යකර්මය සිදු කෙරුණු අතර, ඊට සමගාමිව ඊයේ (26) පස්වරුවේ බෝධි පූජා පිංකමක් සහ පිරිත් දේශනයක්ද සංවිධානය කර තිබූ බව සඳහන් වේ.



