දුර දසුනක හිරු ගිනිගෙන – අනුෂා සිවලිංගම්ගේ අලුත්ම කාව්‍යමය කතිකාව එළිදකියි! (PHOTOS)

0
12

කොළඹ LNW:අනුෂා සිවලිංගම් විසින් පරිවර්තනය කරන ලද ”දුර දසුනක හිරු ගිනිගෙන ලාංකේය දෙමළ කිවිදියන්ගේ කවි” කෘතිය එළිදැක්වීම ඊයේ (26) කොළඹදී සිදුවිය.

ලාංකේය දෙමළ කිවිදියන්ගේ සමාජීය දැක්ම සහ කාව්‍යමය ප්‍රකාශනයන් සිංහල පාඨකයා වෙත රැගෙන ආ එම කෘතිය පිළිබඳ මූලික අදහස් දැක්වීම ආචාර්ය ප්‍රභා මනුවර්ණ සහ සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක විසින් සිදුකරන ලදී.

ප්‍රවීණ ලේඛිකා කුමාරි කුමාරගමගේ විසින් එම වැඩසටහන මෙහෙයවන ලද අතර කෘතියක් එළිදැක්වීමට එහා ගිය දෙමළ සමාජය සහ එම සමාජීය අවකාශයේ කාව්‍යමය ප්‍රතිභාව පිළිබඳ එහිදී සංවාදයට බදුන් විය.

ගීත රචිකාවියක, කිවිදියක,පරිවර්තිකාවක ලෙස අනුෂා සිවලිංගම් දෙමළ හා සිංහල සමාජය යා කරන සාහිත්‍යමය මෙන්ම සමාජීය මැදිහත්වීමක සිටින තරුණියකි.

ඒ අනුව ඇයගේ මෙවර වෑයම තුළ දෙමළ සමාජය දෙස දෙමළ කාන්තාවකගේ ඇසින් බැලීමට ද හසර ලබා දී තිබේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න