*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

අපට එරෙහිව මහා ත්‍රස්තවාදයක් වපුරවලා අපව නිශ්ශබ්ද කරන්න හැදුවා: පොහොට්ටුවේ සාගර

රට තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් දේශපාලනය කළ ප්‍රාදේශීය නායකයන්ට පහර දී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නිවාස ගිනිබත් කොට ඔවුන්ට තර්ජනය කර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ද ඝාතනය කොට මහා ත්‍රස්තවාදයක් වපුරවා තමා නිශ්ශබ්ද කිරීමේ වෑයමක් ක්‍රියාත්මක වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

“අපේ පක්ෂය ඉතා කෙටිකාලයකින් ජනතා හදවත් තුළ එකතු වෙච්ච, ජනතාව ආදරයෙන් වැළඳගත්ත පක්ෂයක්. මේ රටේ ජකනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙහොට්ටුව වටා එක්රොක් වුණේ එහි තිබිච්ච ඉතාම ආකර්ශනීය නායකත්වය නිසා පමණක් නොව මේ රට වෙනුවෙන් අප ලබා දුන් ඒ ප්‍රතිපත්ති මාලාව නිසා.

මේ රටේ ජාතික ආර්ථිකයක් ගොඩනැංවීම වෙනුවෙන් රටේ ජාතික අනන්‍යතාවය වෙනුවෙන්, ශ්‍රී ලාංකීයත්වය වෙනුවෙන් පක්ෂයක් හැටියට අපි ඒ ගෙනගිය ඒ ප්‍රතිපත්තිමය සටනට අනුග්‍රහය දක්වමින් අනුමත කරමින් තමයි මේ රටේ ජනතාව පක්ෂයක් විදිහට වැළඳගත්තේ. නමුත් අවුරුදු පනස් ගණන්, හැට ගණන් දේශපාලනය කරලා එවැනි ජනතා ආකර්ශනයක් දිනාගන්න බැරි පක්ෂ කිහිපයක් එක එක ආකාරයට අපිට පහර දෙන්න ගත්තා.

මේ රටේ පොහොට්ටුව වෙනුවෙන් දේශපාලනය කරපු ප්‍රාදේශීය නායකයින්ට පහර දිලා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නිවාස ගිනිබත් කරලා ඔවුන්ට තර්ජනය කරලා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ඝාතණය කරලා මහා ත්‍රස්තවාදයක් වපුරවලා අපිව නිශ්ෂබ්ද කරන්න හැදුවා. ඒ වගේ කිසිමපදනමක් නැතිව අපගේ නායකයින්ට හොරු කියලා චෝදනා කරන්න පටන්න ගත්තා. පක්ෂයක් වශයෙන් අපි මෙයට දැඩිව මුහුණ දෙන්න තීරණය කළා. ඒ අනුව පහුගිය දවස්වල අපි ඉතා සාර්ථකව මුහුණ දුන්නා. අපේ විරුද්ධ පාක්ෂිකයන් මතු කරමින් ආපු බුබුල දැන් පිපිරිලා ගිහින් තිබෙනවා. දැන් මේ රටේ ජනතාව නැවතත් සත්‍ය මොකක්ද කියලා තේරුම් ගිහින් තිබෙනවා. ඊයේ දවසේ වෙච්ච දේ ඒකට හොඳම සාක්ෂිකයක්.අපි පක්ෂයක් විදිහට මෙතනින් නවතින්නේනෑ. අපි මේ වන විට අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා. මේ රටේ කිසියම් හෝ දේශපාලඥයෙක් රටේ ජාතික ධනය හොරකම් කරලා තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් පුරවැසියන්ට අවශ්‍ය නිතිමය පියවර ගතහැකි ඒ සියලු අවශ්‍ය නිති රිති සම්පාදනය කිරිමේ කටයුත්තට අපි මූලිකත්වය ගනිමින් ඉන්නවා.

මේ රටේ ජනතාවට දැනගන්න පුළුවන් වෙයි වැව් දහක් හදනවා කියලා ජනතාවගේ මුදල් හොරකම් කළේ කවුද? තමන්ගේ හිතවතුන්ට රජයේ ඉඩම් පවරලා දිලා අධිකරණයෙන් දඩ ගැහුව්ව නායකයෝ කවුද කියලා මේ සියලුදෙනා ඉදිරියට ගෙන එන්නත්, ඒ වගේම බොරුවට රටේ ජාතික නායකයින්ට හෝරා කියලා කියන බොරු චෝදනාවලින් අත්මිදෙන්නත් අවශ්‍ය කරන සියලු නිති සම්පාදනය කිරීමට අපි පක්ෂයක් විදිහට කටයුතු කරමින් සිටිනවා.ඒ වගේම පසුගිය දිනවල මේ රටේ ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් අපේ පක්ෂයේ නායකයින්ට ඉතාම බොරු චෝදනා එල්ල කරමින් සිටිනවා. පාර්ලිමේන්තුවෙන් අපි ඉල්ලීමක් කරලා තිබෙනවා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරලා මේ ආර්ථිකය කඩා වැටුණේ කොහොමද? ආර්ථිකය දියුණු කළ ආර්ථිකය කඩා වට්ටපු නායකයෝ කවුද? මේ කියන කාරණා සියල්ල හොයා බැලිය යුතු ආකාරයේ කමිටුවක් පත් කරන්න කියලා කථානායකතුමාගෙන් ඉල්ලා සිටියා.ඒ වගේම සමාජ මාධ්‍යවල තියෙන අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව විශේෂ කර්තව්‍යයක් කරලා තිබෙනවා. අපි බොරුවට කෑ ගහන්නේ නැතිව බොරුවට සමාජ මාධ්‍යවල කරුණු දක්වන්නේ නැතිව අපි පක්ෂයක් විදිහට පක්ෂයේ දේපළ ගිනිබත් වුණු මන්ත්‍රිවරු පිරිසක් එකතුවෙලා අභියාචණාධිකරණය නඩුවක් ගොනු කළා. අපි සාමාන්‍ය පුරවැසියෝ හැටියට අධිකරණයට ගිහින් ඉල්ලීමක් කරා. එම නඩුවේ යහපත් තීරණ කිහිපක් දිලා තිබෙනවා. ඒ පහුගිය වසරේ ඇතිවෙච්ච ඒ මහා ත්‍රස්තවාදී ක්‍රියාව සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයින් හෙළදරව් වෙමින් තිබෙනවා. ඒ වගේම මේ සමාජයේ තිබෙන දුර්මත වලට එරෙහිව අපි නිසියාකාරව නිතිය තුළින් කටයුතු කළ හැකි උපරිම ආකාරයෙන් කටයුතු කරනවා. ඒ බව අපි ජනතාවට පොරොන්දු වෙනවා”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan