කෝච්චිත් නවතින ලකුණු – ඉන්ධන තව දින පහකට පමණයි

Date:

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ තවත් දින 05 ක දුම්රිය ධාවන කටයුතු සඳහා පමණක් බව වාර්තා වේ. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා මේ බව මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

සාමාන්‍යයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව දින 10 කට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යන නමුත්, මේ වනවිට එම ඉන්ධන සංචිත 50% ක් දක්වා අඩු වී ඇති බව ජයසුන්දර මහතා පවසනවා. කෙසේ නමුත් මේ වනවිට දුම්රිය ධාවනයට කිසිදු බලපෑමක් සිදුව නොමැති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

කෙසේ නමුත් ඉන්ධන අර්බුදය තවදුරටත් උග්‍ර වුවහොත් දුම්රිය දෙපාර්තමේන්තුවට දෛනිකව ලබාදෙන ඉන්ධන සංචිත අඩු වනු ඇත. එසේ වුවහොත් දින 05 කට පසුව දුම්රිය ධාවනයද අඩාල වීමේ අවදානමක් මතුව තිබේ.

දෛනිකව ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් ලක්ෂයකි.

මේ වනවිට මගී බස් රථ ධාවනයට ඉන්ධන හිගය සෘජුවම බලපා ඇති අතර මේ නිසා සඳුදා සිට බස් රථ 50% ක් මගී ධාවන කටයුතුවලින් ඉවත් කරන බව බස් සංගම් පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපතිතුමාගේ හිත සනසන්නද පොලිස්පතිවරයා ඉන්නෙ? නාමල් ප්‍රශ්න කරයි.

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : රටේ සංස්කෘතිය ආගමට...

Minneapolis හි තවත් ඇමරිකානු පුරවැසියෙකු වෙඩි තබා ඝාතනය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ මිනියාපොලිස් නගරයේදී ෆෙඩරල් ඒජන්තවරුන් විසින්...

බූමරංග කුලරත්න ….

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ට තියෙන චෝදනා දැක්කම හිනා යනවා. පත්වීම ගන්න...