කෝච්චිත් නවතින ලකුණු – ඉන්ධන තව දින පහකට පමණයි

Date:

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ තවත් දින 05 ක දුම්රිය ධාවන කටයුතු සඳහා පමණක් බව වාර්තා වේ. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා මේ බව මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

සාමාන්‍යයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව දින 10 කට ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යන නමුත්, මේ වනවිට එම ඉන්ධන සංචිත 50% ක් දක්වා අඩු වී ඇති බව ජයසුන්දර මහතා පවසනවා. කෙසේ නමුත් මේ වනවිට දුම්රිය ධාවනයට කිසිදු බලපෑමක් සිදුව නොමැති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

කෙසේ නමුත් ඉන්ධන අර්බුදය තවදුරටත් උග්‍ර වුවහොත් දුම්රිය දෙපාර්තමේන්තුවට දෛනිකව ලබාදෙන ඉන්ධන සංචිත අඩු වනු ඇත. එසේ වුවහොත් දින 05 කට පසුව දුම්රිය ධාවනයද අඩාල වීමේ අවදානමක් මතුව තිබේ.

දෛනිකව ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් ලක්ෂයකි.

මේ වනවිට මගී බස් රථ ධාවනයට ඉන්ධන හිගය සෘජුවම බලපා ඇති අතර මේ නිසා සඳුදා සිට බස් රථ 50% ක් මගී ධාවන කටයුතුවලින් ඉවත් කරන බව බස් සංගම් පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...

ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2026 වසරේ මුල් භාගයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...