ඇමතිතුමා දුවන්නෙ මොකද ? – රාජ්‍ය ඇමති සිසිරට දැඩි විරෝධයක්

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාට හෝමියෝපති වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසකගෙන් අමාත්‍යාංශය ඉදිරිපිටදීම දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ඒ, ඊයේ දිනයේදී ඔවුන් හෝමියෝපති වෛද්‍ය පත්වීම්වල ගැටලු සම්බන්ධයෙන් ලිපියක් අමාත්‍යවරයාට භාරදීම සඳහා පැමිණි අවස්ථාවේදී ය.

ඇමතිවරයා එහි සිටි පිරිසට “ඕගොල්ලො රඟපාන්න එපා” යැයි ප්‍රකාශ කිරීමත් සමග තත්වය උණුසුම් වූ අතර විරෝධය මධ්‍යයේ ඔහු සිය සුඛෝපභෝගී මෝටර් රථයෙන් එම ස්ථානයෙන් පිටව යනු දක්නට ලැබිණි.

සාකච්ඡාවක් සඳහා තම නියෝජිතයින් පැමිණ ඇති බව අමාත්‍යවරයාට දැනුම් දී තිබියදීත් අමාත්‍යවරයා සිය මෝටර් රථයෙහි නැඟී අමාත්‍යාංශයෙන් පැන ගිය බවටයි වෘත්තීය සමිති නියෝජිතයින් චෝදනා කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...

විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ...