සටන් විරාමයේ දෙවන අදියර ගැන ඊශ්‍රායලය හා හමාස් සාකච්ජා අරඹයි!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 28 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

සටන් විරාමයේ පළමු අදියර හෙට (01) දිනයෙන් අවසන් වන මොහොතේ, සටන් විරාමයේ දෙවන අදියර ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සාකච්ජා ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, දෙවන අදියර ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඊජිප්තුවේ කයිරෝ අගනුවරදි සාකච්ජා ආරම්භ කළ බවයි.

තවද, සටන් විරාමය දිර්ඝ කිරිම සම්බන්ධයෙන් වන සාකච්ජා සඳහා නියෝජිතයින් පිරිසක් කයිරෝ අගනුවරට පිටත්ව ගිය බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා තහවුරු කරයි.

දෙපාර්ශවය අතර සටන් විරාමය පසුගිය සතියේදි බිඳ වැටිමට ආසන්න මට්ටමේ පැවතියද ඊශ්‍රායලය පලස්තින සිරකරුවන් 46 දෙනෙකු නිදහස් කිරිමත් සමග සටන් විරාමයෙන් ඉවත් නොවිමට හමාස් සංවිධානය එකඟතා පලකළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් මිලියන 400 ක් වටිනා අධාර තොගයක් චීනයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : අද (08)...

වහාම පාර්ලිමේන්තුව කැඳවන්න – නාමල්ගෙන් ඉල්ලීමක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීමේ...

දිට්වා සුළි කුණාටුව මැදත් සචාරකයින් ඇවිත්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම මැදද විදෙස් සංචාරකයින් 25,000කට...