පොලීසියට ඇමතිගෙන් අලුත් පණිවිඩයක්!

Date:

කොළඹ LNW:පොලිස් දෙපාර්තමේන්තුව සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් නිර්මාණය කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (28).පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ඒ සඳහා මේ වනවිට සැලසුම් සකස් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අයවැයෙන් කිසිදු පොලිස් නිලධාරියෙකු හෝ රාජ්‍ය සේවකයෙකුගේ වැටුප් අඩු කිරීමක් සිදුකර නැති අතර වසර කිහිපයකට පසු මූලික වැටුප වැඩි කිරීමට කටයුතු කර ඇති බවයි විජේපාල මහතා කියාසිටියේ.

“දැනට පොලිස් කොස්තාපල්වරයෙකුගේ මූලික වැටුප රුපියල් 29,540. ඒක මේ අවුරුද්දේ 44,293ක් වෙනවා. ඒක මේ අවුරුද්දේ වැඩිවෙනවා 6,182ක්, පොලිස් සාජන්වරයෙකුට රුපියල් 6,441.54, SI කෙනෙකුට, 6551.72ක්, IP කෙනෙකුට 7040.24, CI කෙනෙකුට 7655.74ක් ASP කෙනෙකුට 8244.11, SP, SSP කෙනෙකුට 9,925ක්, DIG සීනියර් DIG, 11,118, IGP 13,223ක් මේ අවුරුද්දේ වැඩි වෙනවා. ඊට අමතරව පොලිස් කොස්තාපල්වරයෙකුගේ දැනට තියෙන මූලික වැටුප 29,540 වැටුප මේ අවුරුද්දේදී 44,293ක් වෙනවා 2026දී 46,921 වෙනවා 2027දී 49,550ක් වෙනවා අද මූලික වැටුප 29,540ක් තියෙන කොට 2027 වසරේදි 49,550ක් වෙනවා. ඒ වගේම මේකට අදාළව අනෙකුත් දීමනාත් වැඩි වෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විකෘති ප්‍රවෘත්ති පළකරන්න ලෑස්ති වෙන්න එපා.ලයිසන් කොන්දේසි බලාත්මක කරනවා – ඇමති නලින්දගෙන් රතු එළි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සියලුම රූපවාහිනී නාලිකා සඳහා බලපත්‍රය ලබා දී...

මඟින් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු වසර 11කට පසු නැවත අරඹයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 29: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ගුවන් ගමන්...

මාලිමාව කොළඹ මහ නගරසභාවේ අයවැය ජය තහවුරු කරගනී ?

ජාතික ජන බලවේගය කොළඹ මහ නගරසභාවේ අයවැය සම්මත කරගැනීම...

දේශීය කෘෂි කර්මාන්තය වෙනුවෙන් කැපවෙන නිහඬ මිනිසා “ඇලෙක්ස්”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: දේශීය කෘෂි කර්මාන්තයේ විවිධ...