තමුන්නාස්සේලා කල්පනා කරනවා නම් ආර්ථික අර්බුදයක් හරහා බලය ඩැහැගන්න ඒක හීනයක් -අද පාර්ලිමේන්තුවේදී ජනපති කියයි!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 28, කොළඹ (LNW):

අද පස්වරුවේ, ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට පැමිණි බව වාර්තා වේ. ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ අයවැය ශීර්ෂ සඳහා බව සඳහන් වේ. 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ ⁣02 වන දිනය අද වේ.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මඟින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචන වාර්තාව අද (28) දින එම අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් ,එයින් සුබදායි ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් , ආර්ථිකය ඉතාමත් ශක්තිමත් ස්ථාවරයකට රට ගමන් කරමින් ඇති බවත්ය.

“සමහරු කිවුවා වාහන ආනයනයෙන් පස්සේ ඩොලරයේ අගය ඉහළ යාවී කියලා එත් වෙලා තියෙන්නේ තිබුණටත් වඩා ඩොලරයේ අගය අඩුවෙලා තියෙන එක. තමුන්නාස්සේලා කල්පනා කරනවා නම් ආර්ථික අර්බුදයක් හරහා බලය ඩැහැගන්න. ඒක අවසන් දැන්. මතක තියා ගන්න. ආණ්ඩු පෙරළුනේ විවිධ හේතු මත බව අතීතයේ සිදුව තිබෙනවා. ආර්ථික අර්බුදයක් හේතුවෙන් ආණ්ඩුව වට්ටනවා කියන දේ සිහිනයක් පමණයි. ඒවා වෙන්නේ නෑ. ඒ වගේම ඔබලා හිතනවානම් අභ්‍යන්තර අර්බුද හරහා මේ ආණ්ඩුව වට්ටන්න පුළුවන් කියලා එහෙම එකක් කවදාවත් වෙන්නේ නැහැ .එමෙන්ම සමහරු කල්පනා කරනවා ජාතික ආරක්ෂාවට මහා බරපතල තර්ජනයක් වෙලා මේ ආණ්ඩුව බිඳ වැටේවි කියලා ඒවා වෙන්නේ නෑ” ලෙසද කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...