Home විදෙස් බොලිවියාවේ මුදල් නෝට්ටු රැගත් හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් වශයෙන් 11 දෙනෙකු...

බොලිවියාවේ මුදල් නෝට්ටු රැගත් හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් වශයෙන් 11 දෙනෙකු ජිවිතක්ෂයට

0
3

සටහන:සශිකලා මධුෂාණි
පෙබරවාරි 28: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
බොලිවියානු ගුවන් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් සැන්ටා කෲස් නගරයේ සිට එල් ඇල්ටෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන අතරතුර ඇල්ටෝ නගරයේ දී අනතුරට පත්වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

බොලිවියානු මහ බැංකුවට මුදල් නෝට්ටු ප්‍රවාහනය කරමින් සිටියදී මෙම ගුවන් යානය අද(28)අලුයම අනතුරට පත්ව ඇති අතර එය ධාවන පථයෙන් ලිස්සා ගොස් අසල පිහිටි මෝටර් රථ මාර්ගයක වාහන ගැටී ඇති බව වාර්තා වේ.

අනතුර සම්බන්ධයෙන් අදාළ විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින අනතුරට පත් ගුවන් යානයෙන් මුදල් නෝට්ටු රැගෙන යාමට උත්සාහ කිරීම සඳහා පුද්ගලයින් අනතුරට ලක් වූ ස්ථානයට පැමිණ තිබු අතර ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ අනතුරු ඇඟවීමක් නිවේදනය කරමින් සඳහන් කර තිබුණේ, මුදල් නෝට්ටුවලට මිලදී ගැනීමේ බලයක් නොමැති බවත්, ඒවා එකතු කිරීම හෝ භාවිතා කිරීම අපරාධයක් වන බවත්ය.