රෂිකා හෙන්නායක පෙබරවාරි 28, කොළඹ LNW :
2026 වසරේ බර්ලින් නුවර පැවැත්වෙන ITB ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව ඉතා ඉහළ සූදානමකින් සහභාගී වීමට නියමිතය.
මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන සඳහා මෙරට සංචාරක සමාගම් 72ක් සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම එක්වන අතර, එහි ප්‍රධාන අරමුණ වන්නේ යුරෝපීය වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ආකර්ෂණය වර්ධනය කිරීමයි.
මෙරට සංස්කෘතික උරුමයන් විදහා දක්වන අලංකාර කුටියක් හරහා දේශීය තේ පැන් සංග්‍රහ, ව්‍යාපාරික හමුවීම් සහ විවිධ ප්‍රවර්ධන වැඩසටහන් රාශියක් එහිදී ක්‍රියාත්මක කෙරේ.
ජර්මනිය ශ්‍රී ලංකාවට වැදගත් වන ප්‍රධානතම සංචාරක ප්‍රභවයක් බැවින්, මෙමගින් විදේශීය සංචාරකයින්ගේ පැමිණීම සහ මෙරට ආදායම ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කෙරේ.
සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම අවස්ථාව මගින් ජාත්‍යන්තර මාධ්‍ය හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට ගෝලීය අවධානයක් ලබා ගැනීමට සැලසුම් කර ඇත.
මෙමගින් දේශීය පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට සිය සේවාවන් ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීමට වටිනා අවස්ථාවක් හිමිවේ.


