Home පුවත් යුධමය ආතතීන් උත්සන්න වීම හේතුවෙන් කලාපීය ගුවන් ගමන් කිහිපයක් අවලංගු කරන බව...

යුධමය ආතතීන් උත්සන්න වීම හේතුවෙන් කලාපීය ගුවන් ගමන් කිහිපයක් අවලංගු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි!

0
3

සටහන – පුලී

පෙබරවාරි 28, LNW (කොළඹ): යුධමය ආතතීන් උත්සන්න වීම හේතුවෙන් කලාපීය ගුවන් කලාපය වසා දැමීම හේතුවෙන් මැදපෙරදිගට යන සහ ඉන් පිටතට යන ප්‍රධාන ගුවන් ගමන් කිහිපයක් අද වහාම අවලංගු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ.

සියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා කොළඹ සිට රියාද්, කුවේට්, දමාම්, ඩුබායි සහ දෝහා දක්වා සම්බන්ධ කරන ගුවන් ගමන් තාවකාලිකව නතර කර ඇති බව ජාතික ගුවන් සේවය තහවුරු කළේය.