මුලු රටම සංවර්ධනය කරන මේ වගේ යුගයක් කලින් තිබුණෙ නෑ – අගමැති

Date:

එක් ප්‍රදේශයකට පළාතකට සීමා නොවී මුළු ලංකාවම එක හා සමානව සංවර්ධනය වන මෙවන් යුගයක් මීට පෙර නොතිබුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කිරම – කටුවන ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය සහ කිරම බස් නැවතුම්පොළ ජනතා අයිතියට පත්කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

සැමට පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ඔස්ට්‍රියානු රජයේ හා ශ්‍රී ලංකා රජයේ අරමුදල් යටතේ මෙම කිරම – කටුවන ජල යෝජනා ක්‍රමය ඉදිකර ඇත. මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාමසේවා වසම් 34කට පිරිසිදු පානීය ජලය බෙදාදීම සිදුවේ.

වරාපිටියේ පිහිටි කිරම ජලාශයෙන් ජලය ලබාගෙන වෙළඳගොඩ නව ජල පවිත්‍රාගාරයක් ඉදිකරමින් ප්‍රදේශවාසීන් 26000ක පමණ පිරිසකට පිරිසිදු පානීය ජලය ලබා දීමට මෙමගින් පියවර ගෙන ඇති අතර වලස්මුල්ල, කිරම, කටුවන සහ මිද්දෙනිය මාර්ගයේ කිලෝමීටර් 24ක් දුරට ජල නල එලා පානීය ජල ගැටලුව වැඩි ප්‍රතිශතයකින් සපුරාලීමට සමත් වී ඇත.

රුපියල් මිලියන 40ක් පමණ වැය කරමින් වැඩ නිම කළ කිරම බස් නැවතුම්පොළ මහින්ද චින්තන පුරනැගුම ව්‍යාපෘතියෙන් ආරම්භ කළ ව්‍යාපෘතියකි. පසුගිය යහපාලන රජය විසින් මුළුමනින්ම නවතා තිබූ මෙම බස් නැවතුම්පොළ කඩ කාමර හයකින් ද සමන්විතය.

තමන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී රට පුරා ආරම්භ කළ සංවර්ධනය 2015 වසරේ සිට සම්පූර්ණයෙන්ම අඩපන වූ බවත්, එපමණක් නොව තමන් ක්‍රියාත්මක කළ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කළ නොහැකි තත්වයට පත් වූ බවත් අගමැතිවරයා පවසනවා. යහපාලන රජය තමන්ගෙන් පළි ගැනීමට එම සංවර්ධන වැඩපිළිවෙල අතරමග නතර කළ බව පෙන්වා දෙන මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ ඔවුන් පළි ගත්තේ තමාගෙන් නොවන ජනතාවගෙන් බවයි.

කෙසේ නමුත්, අතරමග නතර වූ සංවර්ධන වැඩපිළිවෙල වත්මන් ජනාධිපතිවරයා යටතේ යළිත් ක්‍රියාත්මක කර ඇති බවත්, රටපුරා ක්‍රියාත්මක මෙවැනි සංවර්ධනයක් වෙනත් කිසිදු රජයක් යටතේ සිදු නොවූ බවත් අගමැතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...