තැන් තැන්වල දිවුරන්න ඕනේ නැහැ.නීතිය ඉදිරියට ඇවිත් නිර්දෝෂී බව ඔප්පු කරන්න – කතෝලික සභාවෙන් හිටපු ජනපතිට ප්‍රතිචාර (VIDEO)

Date:

පාස්කු ප්‍රහාරය ගැන තමන් කිසිවක් දැන සිටියේ නැති බවට තැන් තැන්වල දිවුරීමට අවශ්‍ය නොවන අතර නීතිය ඉදිරියට පැමිණ තමන්ගේ නිර්දෝෂිභාවය ගැන සත්‍ය ප්‍රකාශයක් සිදුකළ හැකි බව ආචාර්ය සිරිල් ගාමිණි පියතුමා අවධාරණය කළේය.

ඒ, අද (28) අගරදගුරු නිල නිවසේදී පැවති මාධ්‍ය හමුවේදීය.

ඒ අනුව මේ ප්‍රශ්න විසඳා ගත යුත්තේ නීතිය ඉදිරිපිට බවයි උන්වහන්සේ සඳහන් කළේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිෂන් සභා වාර්තාව මඟින් 30 දෙනෙකුට පමණ ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ ඉදිරිපත් කර තිබෙන නමුත් එම නිර්දේශ ඉටු නොවීම ප්‍රශ්න සහගත බව ද උන්වහන්සේ කියාසිටියහ.

මෙවැනි පසුබිමක හිටපු ජනාධිපතිවරයා කළ යුත්තේ තැන තැන ගොස් දිවුරීම නොව නීතිය ඉදිරිපිට තමන්ගේ නිර්දෝෂිභාවය ඔප්පු කිරීම බව සිරිල් ගාමිණි පියතුමා වැඩිදුරටත් සඳහන් කළහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...

ආර්ථික සංවර්ධනයට අලුත් මාවතක් – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයෙන් තෙයාකාර වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා...

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...