යුක්රේන ජනපති ඝාතනයට පැමිණි චෙච්නියානු විශේෂ හමුදා කණ්ඩායමක් මරා දමයි

0
2640

ජාත්‍යන්තරයෙන් දැඩි බලපෑම් එල්ලවෙමින් තිබියදී යුක්රේනය ආක්‍රමණය කළ ව්ලැදිමීර් පුටින් දැවැන්ත පරාජයක් අත් කරගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

රුසියානු හමුදාවල සහායට පැමිණි චෙච්නියානු විශේෂ බළකා සෙබළුන් කණ්ඩායමක් මරා දැමීමට යුක්රේන හමුදා සමත් විය. මෙම හමුදා කණ්ඩායම යුක්රේනයේ හොස්ටොමල් නගරය ආසන්නයට පැමිණෙමින් සිටියදී යුක්රේන හමුදා ඔවුන් වෙත මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාර හමුවේ චෙච්නියානු හමුදා පැමිණි යුද ටැංකි 56 ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් චෙච්නියානු විශේෂ බළකා සාමාජිකයන් කොපමණ ප්‍රමාණයක් මියගොස් තිබේද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු කර නොමැත. ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ මියගිය සෙබළුන් අතර චෙච්නියානු ජෙනරාල්වරයෙකු වන මගෝමෙද් ටුෂෙව් ද සිටින බවයි.

ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ මෙම හමුදා කණ්ඩායම පැමිණ තිබෙන්නේ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඝාතනය කිරීම සඳහා බවයි.

චෙච්නියානු විශේෂ බළකාය දැඩි අමානුෂික ක්‍රියාමාර්ග ගන්නා කණ්ඩායමක් බවට ප්‍රචලිතව ඇති අතර ඔවුන්ට එරෙහිව මානව හිමිකම් කඩ කිරීමේ චෝදනාද එල්ල වී තිබෙනවා.

චෙච්නියානු නායක රම්සාන් කදිරොව් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ රුසියානු හමුදාවේ සහාය සඳහා චෙච්නියානු සටන්කාමීන් 12,000 ක් යුක්රේනය වෙත යැවීමට සූදානම් බවයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here