සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීමට බිලියන 20ක ණය

Date:

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

පවතින ආර්ථික පසුබෑමේ ප්‍රතිඵලයක් වශයෙන් සහ සිය පාලනයෙන් තොර බාහිර සාධකවල බලපෑම හේතුවෙන් නිෂ්පාදන, ආනයන, අපනයන, සංචාරක, ඇඟළුම් සහ වෙනත් විවිධ වාණිජ මෙහෙයුම් ආශ්‍රිත ව්‍යාපාරික කටයුතුවල යෙදෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සැලකිය යුතු පිරිසකට සිය ව්‍යවසායයන් තවදුරටත් පවත්වාගෙන යාම ඉතා දුෂ්කර වී ඇත.

ඒ සඳහා සහනයක් වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සඳහා කාරක ප්‍රාග්ධන සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබේ.

යෝජිත වැඩසටහන මඟින් දැනට ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ට ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් පුළුල් කර ගැනීමට සහ ප්‍රකෘතිමත් කර ගැනීමට අවශ්‍ය ණය පහසුකම් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු හරහා සහනදායී පොලී අනුපාත ලබා දීමට අපේක්ෂා කරනු ලබයි.

සංරචක දෙකකින් යුතු එකී ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 20ක් යෙදවීමට නියමිත අතර, ඉන් රුපියල් බිලියන 15ක් දැනට පවත්වාගෙන යනු ලබන සහ නව ව්‍යවසායයන් ශක්තිමත් කිරීමටත්, ඉතිරි රුපියල් බිලියන 05ක මුදල අක්‍රීය ණය කාණ්ඩය යටතේ පවතින ව්‍යවසායයන්ට සහාය වීමටත් යොදවනු ඇත.

RN

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යාජ ගමන් බලපත්‍ර සමඟ ලාංකිකයන් පස් දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජුනි 10, කොළඹ LNW : ශ්‍රී ලාංකිකයින් 05...

කේරළය කොවිඩ් රෝගයේ වැඩිම බලපෑමට ලක්ව ඇති ප්‍රාන්තය වෙයි!

රෂිකා හෙන්නායක ජුනි 10, කොළඹ LNW : ඉන්දියාවේ මේ වන...

හිටපු ජනපති රනිල් CID කැඳවයි!

කොළඹ LNW:හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන බදාදා දිනයේ...

විදුලි ගාස්තු සුබසාධනය කළ යුතුද ?

කලින් ලිපියෙන් කතා කළ මාතෘකාව වූ ලංවිම පාඩුවට පවත්වාගෙන...