*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

රනිල් අපේක්ෂකයා කළයුතුයි කියන්නේ ආණ්ඩුවේ තනතුරු ගත් පොහොට්ටු සුළුතරයක් විතරයි – නාමල්

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දියයුතු බව පවසන්නේ ආණ්ඩුවේ අමාත්‍ය ධුර ඇතුළු තනතුරු ලබාගත් තම පක්ෂයේ සුළු පිරිසක් පමණක් බවත් සමස්තයක් වශයෙන් පක්ෂයේ සියලු දෙනාම සිටින්නේ මේ සම්බන්ධයෙන් පක්ෂය ගන්නා තීන්දුව පිළිගන්නා ස්ථාවරයක බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – පොදුජන පෙරමුණ මේ වෙනකොට මත දෙකක ඉන්න බව පේනවා. බහුතරයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක ඉන්නවා කියනවා. තවත් කොටසක් ජනාධිපතිවරණ අපේක්ෂයකයෙක් නම් කරලා නෑ කියනවා. මොකක්ද මේ ?

“නෑ, පැහැදිලිවම සියලු දෙනාම එක මතයක ඉන්නේ. සියලු දෙනාම කියන්නේ පක්ෂය විසින් තීන්දු කරන අපේක්ෂකයාට සහාය දෙනවා කියන කාරණය. ඒ අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් එක්ක කැබිනට් මණ්ඩලයේ හෝ රාජ්‍ය අමාත්‍ය ධුරයක් හෝ යම්කිසි තනතුරක් දරණ අයගේ අදහසක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැනත් ඒ වගේම තවත් අපේක්ෂකයො ගැනත්. ඉතින් මං හිතන්නෙ ඒ පිළිබඳව අපි කලබල වියයුතු නෑ. මේ සියලු දෙනාම අවසානයේ පක්ෂයේ තීන්දුවත් එක්ක ඉන්නවා කියන කාරණය සඳහන් කරනවා. ඒ වගේම තමයි අද මැතිවරණයක් පිළිබඳව හෝ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් පිළිබඳව කතා කළයුතු කාලය නෙවෙයි. ජනාධිපතිවරණයට දින නියම වුණාම අපට පුළුවන් අපේ අපේක්ෂකයා ගැන කතා කරන්න. පැහැදිලිවම අපි කියන්න ඕනෙ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඔය හැමදෙනාම පක්ෂයේ මතයත් එක්ක ඉන්නවා කියන කාරණය කියලා තියෙනවා. ඒ වගේම ඒ හැමදෙනාටම තමන්ගෙ පෞද්ගලික මතයක් තියෙනවා. ඒ වගේම තමයි අපේ පක්ෂය ඒ පෞද්ගලික මතය ප්‍රකාශ කරන්න අවස්ථාව දීලා තියෙනවා. සමහර පක්ෂවල එහෙම කළා නම් පක්ෂයෙනුත් අයින් කරනවානෙ, අපි එහෙම නෑ”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ නෙල්ලිගල විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan