සටහන – රුවන් නෙළුගොල්ල
වර්තමානයේ රටේ ජනතාව අර්බුද, ගැටලු රාශියකට මුහුණ දෙන බවත් ගොවියාට කලට වේලාවට පොහොර සහනාධාරයවත් නොලැබුණු බවත් ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර, යෙදවුම් භාවිත කරන්න නොහැකි වී ඇති බවත් කෘෂිකර්මික නිෂ්පාදනවලට සහතික මිලක් නොමැති බවත් වී කිලෝවට රු.150ක් දෙනවා කිව්ව අයට ඒවා අමතක වී රු. 120 සෑහීමකට පත් වෙන්න කියන බවත් පසුගිය කාලයේ විවිධ ආපදා නිසා සිදුු වු හානියට වන්දි නොගෙවූ බවත් බලාපොරොත්තු වූ අස්වැන්න නොලැබෙන බවත් එම නිසා ගොවියාට ඉහළ සහතික මිලක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මේ වන විට වගා කටයුතු අවසන් වුවත් පොහොර සහනාධාරය හෝ ආපදා වන්දි පවා ලැබී නොමැති බවත් අද රට පාලනය කරන්නේ ගොවිජනතාව රැවටූ මංමුලා කළ පාලනයක් බවත් මේ ආකාරයට නම් පොහොසත් රටක් නිර්මාණය කළ නොහැකි නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණනයේ දී මේ ආණ්ඩුවට පාඩමක් ඉගැන්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (පෙබරවාරි 28) මැදවච්චියේදී පැවැති ජන හමුවක් අමතමිනි.
රජයට බලයට එන්න උදව් කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ටත් බදු ගහලා
එසේම මෙරට ජනතාවගේ කරපිට බදු පිට බදු පනවා ඇති බවත් අන්තර්ජාලය ඔස්සේ තොරතුරු තාක්ෂණය ඩිජිටල් තාක්ෂණය කේන්ද්‍ර කර ගත් සේවාවලට 15% බදු ගසා ඇති බවත් මේ ආකාරයෙන් රටේ ඩිජිටල් තාක්ෂණය ප්‍රවර්ධනය කළ නොහැකි බවත් තම හැකියාවෙන් මුදල් සෙවු යූටියුබර්ස්ලාට ඩිජිටල් සේවා සපයන අයට බදු ගැසිම නිසා අපනයන අඩු කරන වැඩපිළිවෙළකට යොමුව ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
රජය උන්ඩියල් හවාලා ප්‍රවර්ධනය කරනවා
මේ හරහා මුදල් විශුද්ධිකරණ ක්‍රමවේද උන්ඩියල් හවාලා ක්‍රමවේද ප්‍රවර්ධනය කරන බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජයේ කර්මාන්ත ඇමති සුනිල් හදුන්නෙත්ති පවා එයට විරුද්ධ බව පවසන බවත් මේ බදු ඉදිිරිපත් කළේ මුදල් ඇමති අනුර කුමාර ජනාධිපතිවරයා බවත් තඹුත්තේගම දුම්රිය පොළ සංවර්ධනයට ලක්ෂ 1000ක් වෙන් කළ එක පවා ජනාධිපතිවරයා නොදන්නේ යැයි පවා පවසන රජය දැන් මේ බදුවලට විරුද්ධ යයි කියන බවත් අරගලයේ නිරත බොහෝ දෙනා මේ ක්ෂේත්‍රයෙන් ආදායම් උත්පාදනය කරන නිසා මෙය අරගල බද්ද ලෙස හඳුන්වන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
අරගලයේ නිතර බොහෝ දෙනා මේ ක්ෂේත්‍රයේ ආදායම් උත්පාදනය කරන අය බවත් වත්මන් ජනාධිපතිවරයා බලයට ගේන්න මග පෑදු අරගලකරුවරුන්ට පවා එම බදු ගසා ඇති බවත් මේ ගැන කතා කරන්නට යද්දි කතානායකවරයා එයට බාධා කරමින් සිටින බවත් රටේ ප්‍රශ්න ගැන කතා කරද්දි මයික් ඕෆ් කිරිම රටේ ප්‍රතිපත්තිය වී පාර්ලිමේන්තුව රජයේ කතා සාප්පුවක් බවට පත්කර ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
නිල ඇදුමෙන් ජවිපෙ රැළිවලට ආව හෙදියනුත් අද මහපාරේ
ආණ්ඩුව බලයට ගෙන එන්න දායකත්වය ලබා දුන් රාජ්‍ය සේවකයන් ද අමතක කර ඇති බවත් මාස 6න් 6ට 20000 ගානේ පඩි වැඩි කරනවා කිව්වත් එය නොකිිරීම නිසා හෙද වර්ජනයක් අද ක්‍රියාත්මක බවත් එදා මහරගම තරුණ සේවා සභාවේ පැවැති හෙද සමුළුවට නිල ඇදුමෙන් ආව හෙද නිලධාරීන් පව අසරණ කර ඇති බවත් රජයට වරම ලබා දුන් රාජ්‍ය සේවකයාට කලකිරී අද මහපාරේ විරෝධතාව පළ කරණ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
