සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනප්‍රිය රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

කලක සිට අසනීපයෙන් පසුවූ ඒ මහත්මිය මියයන විට 61 වැනි වියේ පසුවිය.

ඇය ජනප්‍රිය තරුණ නිළියක වන තිසුරි යුවනිකාගේ මවයි.

චාරුලතා, සුජාතා සහ කන්දේගෙදර වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය ඇතුළු ටෙලිනා‍ට්‍ය රැසකට රංගනයෙන් දායකත්වය සැපයූ සුසන්තා චන්ද්‍රමාලි සරෝජා, රන් කෙවිට, වන් ෂොට්, නිදහසේ පියා ඩී. එස්. වැනි චිත්‍රපට කිහිපයකට ද එක්වූවා ය.

දේශපාලනයට ද පිවිසෙමින් සුසන්තා චන්ද්‍රමාලි 2009 වසරේදී දකුණු පළාත් සභා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදුණු නමුත් ඇයට ජයග්‍රහණය කිරීමට හැකිවූයේ නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හලාවත රෝහල තාවකාලිකව වසා දමයි

කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් හලාවත මහ රෝහල...

එකට නැගිටිමු: විපක්ෂය ආණ්ඩුවට සද්දයකුත් දමා පාර්ලිමෙන්තුවෙන් පිට වෙයි. රනිලුත් පක්ෂ නායක හමුවක් කඳවලා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය භේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබුණු පාර්ලිමේන්තු...

ප්‍රවේශම් වන්න : වසංගත රෝග අත ළඟ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW  මේ වන විට, ජල...

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : ශ්‍රී ලංකා ගුවන්...