රුමේෂ් සහ අරුණ අද ඔස්ට්‍රේලියාව ජය ගැනීමට ආසන්නයේ

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 01, (LNW)කොළඹ :

අද පර්ත් හී දි ඇරඹෙන පර්ත් ට්‍රැක් ක්ලැසික් මලල ක්‍රීඩා සූරතාවලියේදී හෙල්ල වීසි කිරීමේ ඉසව්ව නියෝජනය කරන රුමේෂ් තරංග එම ඉසව්ව ජය ගැනීමට ආසන්නම තරගකරුවා ලෙස අවධානය දිනා ගෙන සිටියි.මීටර් 400 ඉසව්ව සදහා එම තරගාවලියට ඉදිරිපත් වන අරුණ දර්ශණ සහභාගි වන්නේ මේ වසරේ පළමු තරගයට වන අතර පෞද්ගලික දක්ෂතා සළකා බලද්දී ඔහුට ඉදිරියෙන් සිටින්නේ ජපානය නියෝජනය කරන ෆුගා සාටෝ පමණි.සාටෝ ද මේ වසරේ තරග වඳින පළමු අවස්ථාවය.ඔහු තත්පර 44.88 ක දක්ෂතාවයක් සහිතව සිටින අතර අරුණ තත්පර 44.99 ක උපරිම දක්ෂතාවයක් දක්වා ඇත.


රුමේෂ් තරංග හෙල්ල වීසි කිරීම ජය ගැනීමට ආසන්නම තරගකරු වන්නේ තරගයට ඉදිරිපත් වන තරගකරුවන් අතරින් හොඳම කාලීන දක්ෂතාවය දක්වා තිබෙන බැවිනි. රුමේෂ් මීට දින කිහිපයකට පෙර මීටර් 82.66 ක දක්ෂතාවයක් දක්වමින් එම දස්කම ඉදිරිපත් කරන්නට සමත් විය.


තරගයට ඉදිරිපත් වී සිටින තරගකරුවන් අතරින් හොඳම පෞද්ගලික දක්ෂතාවය දක්වා තිබෙන්නේ රියොහියි අරායි ය.ඔහුගේ හොඳම දක්ෂතාවය වන මීටර් 86.83 වාර්තා කර තිබෙන්නේ 2014 දි ය.මේ වන විට 34 වන වියේ පසුවන අරායි ගේ හොඳම කාලීන දක්ෂතාවය ලෙස දක්වා ඇත්තේ මීටර් 66.15 ක් ය.


තරග වඳින තරගකරුවන් අතරින් කාලීන දක්ෂතාවයන් සළකද්දී රුමේෂ්ට පසුව ඉදිරියෙන් සිටින්නේ ජපන් තරගකරුවෙකු වන යුටා සකියාමා ය.ඔහු මීටර් 78.30 ක කාලීන දක්ෂතාවයක් දක්වා ඇති අතර 29 හැවිරිදි ඔහුගේ හොඳම දස්කම වාර්තා කර ඇත්තේ 2023 දී ය.එම දක්ෂතාවය මීටර් 83.54 කි.


තරගයට අද මුහුණ දෙන තරගකරුවන් අතර ලාබාලතම තරගකරුවා වන්නේ රුමේෂ් වන අතර ඔහු තවමත් 22 හැවිරිදි ය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tik Tok ගැන යුරෝපයෙන් අලුත් තීරණයක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:TikTok සමාජ මාධ්‍ය වේදිකාව, වයස අවුරුදු 13ට...

Kohli සහ Anushka ගේ සිහින විමානෙන් එහා ලෝකයට…

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රසිද්ධ ක්‍රිකට්...

රාජු බණ්ඩාර: සංගීතඥයෙකු, ගායකයෙකු සහ නළුවෙකු වූ සුප්‍රකට වාදකයාගේ අප්‍රකට තොරතුරු

"ඔහුට තිබුණා ගායකයෙකුට පිහිටන දුර්ලභ විශේෂත්වයක්. ඒ, අව්‍යාජ ළයාන්විත...

Deadpool, Loki සහ Thor වැනි මාර්වල් ලෝකයේ තවත් වීරයන් ඇතුළත් 2026 Avengers නිල පෝස්ටරය Marvel Studios එලිදක්වයි!

සටහන – පුලී ජනවාරි 17, කොළඹ (LNW): මාර්වල් ස්ටූඩියෝස් 2026...