අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසියෙන් වෙඩි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අසලදී පොලීසියෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම ලොරි රථය වත්තල ප්‍රදේශයෙන් සොරකම් කර ඇති බවට එහි හිමිකරුවන් පැමිණිලි කර තිබී ඇති අතර වැල්ලම්පිටිය සහ කඩුවෙල ප්‍රදේශවලදී එය පොලිස් අණ නොතකා ධාවනය කර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

කඩුවෙල ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය වීමෙන් පසු පොලිස් ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩායම් එම ලොරි රථය ලුහුබැඳ ඇති අතර කඩුවෙල උසාවිය ආසන්නයේදී එහි රෝදවලට වෙඩිතබා නවත්වාගෙන ඇත.

ලොරි රථය සමග 25 හැවිරිදි සැකකරුවකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී අත් බෝම්බයක් ද හමුවූ බවයි පොලීසිය සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමට ලක් වූ සියලු දෙනා සමඟ අපි නැගී සිටිමු – IMF

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW  ඉකුත් දින කීපය පුරා...

මහවැලි ගගට නිකුත් කළ ගංවතුර අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කරයි!

කොළඹ LNW:මහවැලි ගඟ සඳහා නිකුත් කළ ගංවතුර අවදානම් රතු...

හලාවත රෝහල තාවකාලිකව වසා දමයි

කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් හලාවත මහ රෝහල...