ඩුප්ලෙන්ටිස් ආයෙත් ලෝක වාර්තාගත පිම්මක

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 01, (LNW)කොළඹ :

ස්වීඩනයේ මොන්ඩෝ ඩුප්ලෙන්ටිස් 11 වන වරටත් ලෝක රිටි පැනීමේ වාර්තාව බිඳ දමන්නට සමත් වුණා.ඒ ප්‍රංශයේ ක්ලෙමොන්ට් ෆෙරන්ට් හී පැවති ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියේ දී මීටර් 6.27 ක දක්ෂතාවයක් දක්වමින්.


ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය විසින් රිදී වර්ණ තරගාවලියක් ලෙස නම් කර තිබෙන මෙම තරගාවලියේදී දෙවන ස්ථානය දිනූ ග්‍රීසියේ එමානුවෙල් කරාලිස් ච මීටර් 6.02 ක දක්ෂතාවයක් දක්වමින් නව ග්‍රීක වාර්තාවක් පිහිටුවන්නට සමත් වුණා.සියලු රිටි පනින්නන් පාහේ හොඳින් දක්ෂකා අතරට පැමිණි තරගයක් වූ මෙම තරගයේදී ප්‍රථම වරට හය දෙනෙකු මීටර් 5.91 ඉක්මවා අස තරණය කිරීම කැපී පෙණුනා.


මේ වන විට රිටි පැනීමේ ලෝක වාර්තාව අලුත් කිරීමත් ඩුප්ලෙන්ටිස් තරගයක් ජය ගැනීම තරමටම සාමාන්‍ය වී ඇති අතර ඔහු මෙහිදී බිඳ දැමුවේ ඔහුලේ මීටර් 2.26 ක් වූ ලෝක වාර්තාවයි.මීටර් 2.27 සඳහා උත්සාහ කළ පළමු මොහොතේ දී ම එම පිම්ම සාර්ථකව අවසන් කළ ඩුප්ලෙන්ටිස් ඉදිරියේදී තව දුරටත් රිටි පැනීම සඳහා වන ලෝක වාර්තාව අලුත් වනු ඇති බවට ඉඟි පළ කළා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතකයන්ගෙන් පිරී ගිය ඉන්දියාවේ සුවිශේෂී වාසභවන්!

සටහන – පුලී දෙසැම්බර් 27, කොළඹ (LNW):  අලිබාග් හි ජෙෆ්රි...

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...