ගසක් සහ පස් කඩා වැටීමෙන් උඩරට මාර්ගයේ දුමරිය ධාවනයට බාධා!

රෂිකා හෙන්නායක මාර්තු 01 , කොළඹ (LNW):

ඉඟුරුඔය හා ගලබොඩ අතරදී ගසක් කඩා වැටීමෙන් හා හාලිඇල හා බදුල්ල අතරදි දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන්, උඩරට මාර්ගයේ දුමරිය ධාවනයට බාධා මතුව ඇති බව වාර්තා වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, එම බාධක ඉවත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි.