පාකිස්තානයේ සෙමනේරියක ඇති වූ පිපිරීමක් හේතුවෙන් 6 දෙනෙකු මරුට; 20 දෙනෙකුට තුවාල

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹදිග පකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ නගරයක් වන අකෝරා ඛට්ටක් හි දාරුල් උලූම් හකානියා සෙමනේරියට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් 6 දෙනෙකු මියගොස් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පළාත් පොලිස් ප්‍රධානී සුල්ෆිකාර් හමීඩ් සඳහන් කර තිබුණේ ආගමික දේශපාලන පක්ෂයක් වන Jamiat Ulema Islam-Sami (JUIS) හි නායක හමිඩ්-උල්-හක් ඉලක්ක කර ගෙන මෙම බෝම්බ ප්‍රහාරය පිටුපස Khorasan පළාතේ (ISKP) ISIL (ISIS) අනුබද්ධ සංවිධානය විය හැකි බවට සැක කරන බවයි.

කෙසේ නමුත්, කිසිදු සංවිධානයක් ප්‍රහාරයේ වගකීම භාරගෙන නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...