පාකිස්තානයේ සෙමනේරියක ඇති වූ පිපිරීමක් හේතුවෙන් 6 දෙනෙකු මරුට; 20 දෙනෙකුට තුවාල

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹදිග පකිස්ථානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ නගරයක් වන අකෝරා ඛට්ටක් හි දාරුල් උලූම් හකානියා සෙමනේරියට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් 6 දෙනෙකු මියගොස් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පළාත් පොලිස් ප්‍රධානී සුල්ෆිකාර් හමීඩ් සඳහන් කර තිබුණේ ආගමික දේශපාලන පක්ෂයක් වන Jamiat Ulema Islam-Sami (JUIS) හි නායක හමිඩ්-උල්-හක් ඉලක්ක කර ගෙන මෙම බෝම්බ ප්‍රහාරය පිටුපස Khorasan පළාතේ (ISKP) ISIL (ISIS) අනුබද්ධ සංවිධානය විය හැකි බවට සැක කරන බවයි.

කෙසේ නමුත්, කිසිදු සංවිධානයක් ප්‍රහාරයේ වගකීම භාරගෙන නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...