සංචාරකයින්ට යාල දොරටු වැසෙයි!

Date:

කොළඹ LNW:නැවත දැනුම්දෙන තුරු යාල ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

පසුගිය දින දෙක තුළ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් යාල වනෝද්‍යානයේ මාර්ග බොහොමයක් ජලයෙන් යටවී ඇති හෙයින් සතුන්ගේ මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව වර්ෂාව පහව යන තෙක් වනෝද්‍යානය වසා දැමීමට තීරණය කර තිබේ.

වාර්තා වෙන අන්දමට වනෝද්‍යානය තුළ මාර්ග කිහිපයක්ද ජලයෙන් යටවී ඇති අතර වැව් ඉවුරු කිහිපයක්ද කඩාගෙන ගොස් ඇති බව සඳහන්.

ඒ අනුව යාල කලාප අංක 1ට අදාළ කටගමුව හා පලටුපාන පිවිසුම් දොරටු වසාදමා ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු ගැන අධිකරණය ගත්ත තීන්දුව!

කොළඹ LNW:ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින සංවිධානාත්මක අපරාධ...

එජාපයෙන් සමඟියට ගිය අයට පැනවූ තහනම ඉවතට!

කොළඹ LNW:සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු...

කහ සහ ඉගුරු වගාවටත් හොද කාලයක්!

කොළඹ LNW:වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු...

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සම්පත් මනම්පේරි අධිකරණයට භාරවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය ප්‍රදේශයේදී...