දැන් රනිල්ට ‘හිඟන්නා’ කියල පාර්ලිමේන්තුවේ ඇමති කෙනෙක් බනිනවා. පොර බනින්නේ හෙන ආවේගයෙන්. කේන්තියෙන්. අනික් අය උනත් රනිල්ට මහින්දට බණිනකොට එයාලගේ බොඩි ලැන්වේජ් එක බැලුවොත් මේක ඔයාලට තේරෙයි. අපිට බුකියේ බණින මාලිමාවේ දායකසභාවේ උනුත් ඉන්නේ ඉහත කිව්ව අප්‍රමාණ කේන්තියකින්.
විධායක බලෙත් ලැබිල, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකත් හම්බවෙලා, තව හම්බවෙන්න තියන ඔක්කොමත් ලැබිල, බබත් හම්බවෙලා මෙයාල මෙච්චර කේන්තියෙන් ඉන්නේ ඇයි?
ඇත්තටම සතුටින් ඉන්න ඕනි එවුන් ටිකක් මෙච්චර ආතතියෙන් ඉන්නේ ඇයි? නිකම් බලන්න වටගල උන්නැහේ උනත්…
මම හිතන්නේ එයාලට එහෙම වෙලා තියෙන්නේ යටිහිතේ තියන අවිශ්වාසය එක්ක. සැකය එක්ක. යමක් අහිමි වෙයි කියල හිතෙන අවදානම එක්ක. විශේෂයෙන් තමන් අසාර්ථකවීම එක්ක එන පරාජයේ මානසිකත්වය එක්ක. නැත්නම් මොකටද අනේ අර රෝහිණි කවිරත්න වගේ කෙනෙක් අල්ල ගන්නේ?
අපි බලමු මේක අසල්වැසියා කියන රූපකය එක්ක. අසල්වැසියා කියන්නේ අපේ අනෙකා.
අපේ අනෙකා අපිට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා නම් නේද එයා ගැන අපිට හිතන්න තරම් දෙයක් ඉතුරුවෙන්නේ? එයා ගොඩක් පොහොසත් නම්, දිනෙන් දින දියුණු වෙනවා නම්, රස්සාවේ උසස්වීම් ගන්නවා නම්, ළමයි හොඳට ඉගෙනගන්නවා නම් නේද එයා අපිට කතාකල යුතු තරමේ මාතෘකාවක් වෙන්නේ? එහෙම නැතුව ඔහේ මෙලෝ රහක් නැතුව එකතැන පල්වෙන අසල්වැසියෙක් අපේ ‘අනෙකා’ වෙන්නේ නැහැ නේද?
ගමේ උන් කතා හදන්නේ එහෙම දියුණුවෙන මිනිස්සු දිහා බලාගෙන නේද?
මම හිතන්නේ බලයට එන්න කලින් පැය විසි හතරෙන් සියල්ල කරනවා කිව්වා උනාට මාලිමා ආණ්ඩුව මේ මාස කිහිපයටම එහෙම ලොකු දැනෙන ජයග්‍රහණයක් අත්පත්කර ගත්තේ නැහැ. ඒ නිසා එයාල හිත ඇතුලෙන් කේන්තියෙන්, අපේක්ෂාභංග බවකින් ඉන්නේ.
ඉතුරු ටික ලියන්න ඕනි නැහැනේ ….
~ මහේෂ් හපුගොඩ
RN
