නිශ්මං රණසිංහ ,මාර්තු 01 කොළඹ LNW:
සනත් ජයසූරිය පුහුණුකාර ධූරයෙන් ඉවත්වීමට ගෙන ඇති තීරණය සමඟ ශ්‍රී ලංකාව නව විදේශ පුහුණුකරුවෙකු පත් කර ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.එසේම එම පුහුණුකරු යටතේ මාර්තු මස මැදට වෙන්නට ආරම්භ කරන්න නියමිත ඇෆ්ගනිස්තානයට එරෙහි තරගාවලියට මුහුණ දීම ශ්‍රී ලංකා ක්‍රිකට් හී බලාපොරොත්තුව බවත් එම වාර්තා පෙන්වා දෙනවා.
සනත්ගේ පත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත භාහිර සමාජය විසින් ඇති කරන ලද පීඩනයේ ප්‍රතිපලයක් බව කිව හැකියි.ජාතික කණ්ඩායමක් පුහුණුකිරීම සඳහා පුහුණුකරුවෙකු ලෙස ඉහළ පුහුණුවක් ලබා නොමැති වුව ද,සනත් සිය කීර්තිය සහ ජ්‍යෙෂ්ඨත්වය යොදා ගනිමින් ක්‍රීඩකයින්ව දැඩි ආකාරයෙන් මෙහෙයවමින් සාර්ථක ආරම්භයක් ලබා ගත්තා.
එහෙත් සනත්ගේ උපාය මාර්ගික බව අන් ජාත්‍යන්තර කණ්ඩායම් හඳුනා ගනිමින්,ඊට ප්‍රතිචාර දක්වද්දි,වෙනස් වීමට අවශ්‍යය පුහුණු දැණුම සනත් තුළ නොතිබුණා දැයි සැක සිතෙන තරමට ඔහුගේ අග භාගයේ ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි කඩා වැටීමකට ලක් වුණා.සනත් ගත් හොඳ ආරම්භය නිසා ඔහු නික්ම යද්දීත් නරක පුහුණුකරුවෙකු ලෙස හඳුන්වන්නට බැරි සියයට සියයට 45.33 ක ජයග්‍රහණ ප්‍රතිශතයක් සහිතව සිටියා.
සනත් වැනි ක්‍රීඩකයින් මෙවැනි වගකීම්වලට සුදුසු බවත්,විදේශිකයන් අනවශ්‍යය බවත් වැඩි වශයෙන්ම කීවේ පවතින ක්‍රිකට් පරිපාලනයට විරුද්ධ අර්ජුන රණතුංගයි.ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් බරපතලම විවේචනය සමාජය පුරා පතුරුවා හරින්නට අර්ජුනත්,තවත් හිටපු සහ නැවත පැමිණිමේ අපේක්ෂාව ඇති පාළකයෝත්,ක්‍රිකට් ක්‍රීඩකයෝත් මේ අදහස සමාජ ගත කිරීමට මුල් වූ අතර සනත් ද ඒ සඳහා යම් දායකත්වයක් දැරුවා.අවසානයේ ඒ ආකාරයට ක්‍රිකට් ක්‍රීඩාව ද්වේශ සහගත ලෙස විවේචනය කරන,සියල්ලම පරිපාලන ගැටළු ලෙස සිතීමට හුරුකළ සමාජය සනත්ගේ පැමිණීම සහ ජයග්‍රහණ වාර්තාවීම් සමඟ ක්‍රිකට් පරිපාලනය වැරදි කර ඇති බවටත්,සනත් වැන්නන් ගෙන ඒමෙන් පසුව ඒ බව පැහැදිළි බවටත් මතයක් ගොඩ නඟමින් සිටියා.
එහෙත් අශෝභන ආකාරයට විරෝධය දක්වන්න හුරු කරපු සමාජය ටික කාලයකදී සනත් අසාර්ථක වෙද්දී සනත්ටත් එම හැන්දෙන්ම බෙදන්නට වුණා.ඔහු 96 වසරේ ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ගෙනවිත් දීමට දායක වූ තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට අයත් ගෞරවයවත් ඔහුට ලබා දුන්නේ නැහැ.යම් ආකාරයකින් සමාජ මාධ්‍ය හරහා ප්‍රචිරය කරන ලද සනත්ලාගේ ක්‍රිකට් පිළිබඳ සාකච්ඡාත් ක්‍රිකට්ලෝලීන් මේ තත්ත්වයේ මානසිකත්වකට පත් කරන්නට හේතු වුණා.එයම පෙරළා සනත්ටත් භුක්ති විඳින්නට වුණා.
මේ තත්ත්වය ශම්මි සිල්වලාගෙන් අවසන් වන්නක් නොවේ.පොදු සමාජයට විවෘතවන පිට්ටනියේ තරගවල ප්‍රතිපලය හැර ශ්‍රී ලංකා ක්‍රිකට් ශ්‍රී ලංකාව වටේම පිරිමි,කාන්තා සහ පාසල් ඉලක්ක කර ගත් බාලක බාලිකා ක්‍රිකට් සංවර්ධන කටයුතුත් කරගෙන යනවා.යටිතල පහසුකම් සංවර්ධනය,ක්‍රීඩා තාක්ෂණය දියුණු කිරීම වැනි කරුණුත් ඉහළ විද්‍යාත්මක සහ තාක්ෂණිකව ක්‍රීඩාව අවබෝධ කර ගැනීමට සහ ක්‍රියාත්මක වීමට අවශ්‍යය කාරණා කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණය මූලික කරගෙන ද කොළඹින් පිටතට ගොස් ද සාකච්ඡා කරන,දැනුවත් කරන වැඩ මුළු සකස් කර ක්‍රියාත්මක කරනවා.
අලුතින් පත්වන පරිපාලනයකට වුව මේ තත්ත්වය තුළ පිට්ටනියෙන් නවතින්න ලැබෙන්නේ නැහැ.එසේ වුවහොත් සහ මේ ක්‍රියාත්මක වෙන පුළුල් යාන්ත්‍රණය නැවතුණොත් ඒ ක්‍රිකට් හා සෘජුව සම්බන්ධ වී සිටින ප්‍රජාවගේ විරෝධය හරහා ක්‍රිකට් සම්බන්ධ විරෝධය දැනට වඩා වෙනස් මුහුණුවරකින් මේ ආකාරයටම ක්‍රියාත්මක වන්නටත්,ලෝකයේ ක්‍රිකට් වෙනස් කළ අයෙකු ලෙස හැඳින් වූ සනත්ගේ කීර්තිනාමයට සහ ගෞරවයට අවසානයේ අත් කර දුන් ඉරණමම අත් කර දෙමින් ජනතාව ක්‍රියා කරන්නට ගන්න ඉඩ තිබෙනවා.
ඒ නිසා යම් අයහපත් දේවල් තමන්ගේ යහපත වෙනුවෙන් ආරම්භ කිරීමේදී තමන් ද එහි ගොදුරක් විය හැකි බව කවුරුන් වුව කල්පනා කළ යුතුයි.එහි නරකම තත්ත්වය එය එසේ නොවන කෙනෙකුට එම වගකීම දරන්නට ගිය විට අත් විය හැකි එකක් වීමයි.
ඒ නිසා සනත් ජයසූරිය මේ මොහොතේ නික්ම යන්නේ ඔහුට මේ රටේ ක්‍රිකට් ඉතිහාසය විසින් අත් කර දුන් සහ සදාකාලිකව ලැබිය යුතු ඇගයීම නොමැතිවයි.එය යම් ආකාරයකට අකෘතඥ සමාජයක ලක්ෂණ පෙන් වුව ද,තමන් අල්ලා සිටි යකඩ කූර ගින්දරට ලං කරන විට ලං කරන කොන මෙන්ම ටික වේලාවකින් තමන්ගේ අතේ ඇති කොටසඳ රත් වෙන බව දත යුුතුයි කියන පාඩම ඉගැන් වූ අවස්ථාවක් ලෙස හැදින්විය හැකියි.
එසේම මේ සිඳුවීම වැටීමක් ලෙස නොගෙන නැගීටීමක් කර ගැනීමේ ආරම්භයක් කර ගත හැක්කේත් සනත්ටමයි.අවශ්‍යයනම් ඔහුට ඇති විශාල ක්‍රීඩක දැණුම ආයෝජනය කරමින්,සුදුසුකම් ලද පුහුණකරුවෙකු වන්නට අවශ්‍යය දැනුමත් පහසුවෙන් එකතු කර ගත හැකියි.නැවතත් සනත් කියන්නේ සිතියම් පොත් පෙරළාගෙන ලෝක වැසියන්ට ලංකාව හොයන්නට සිතෙන අන්දමේ ප්‍රහාරකයෙකි.ඒ ගෞරවය කෘතවේදී මිනිසුන් ඉතිහාසයෙන් මකා දමන්නට ඉඩ නොදී රැක ගනු ඇත.
ඇෆ්ගනිස්තානය හමුවීමට තව දින කිහිපයකින් මැද පෙරදිග බලා යන්නට වෙන ශ්‍රී ලංකා කණ්ඩායමට නව පුහුණුකරුවෙකු එක්වීම හෝ නොවීමට වඩා සැළකිල්ල යොමු කළ යුතුව ඇත්තේ තරගාවලිය පවතින යුදමය තත්ත්වය ඇතුළේ එහි පැවත්විය හැකි ද යන්නයි.එසේ ගැටළුවක් පැමිණියහොත් ශ්‍රී ලංකාවට එම බරත් දරන්නට සිඳු වෙනු ඇත.


