Home විදෙස් පාකිස්ථානයේ කරච්චි නුවර ඇමරිකානු කොන්සල් කාර්යාලයට ප්‍රහාර; අවම වශයෙන් 9 දෙනෙකු ජිවිතක්ෂයට

පාකිස්ථානයේ කරච්චි නුවර ඇමරිකානු කොන්සල් කාර්යාලයට ප්‍රහාර; අවම වශයෙන් 9 දෙනෙකු ජිවිතක්ෂයට

0
5

සටහන:සශිකලා මධුෂාණි
මාර්තු 01 ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනයෙන් පසු ඉරාන හිතවාදීන් විසින් පකිස්ථාන කරච්චි නගරයේ එක්සත් ජනපද කොන්සල් කාර්යාලයක් අසල පැවැත්වූ විරෝධතාවලින් අවම වශයෙන් පුද්ගලයින් නව දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

අද(01)අලුයන අලුයම කොන්සල් කාර්යාලයට කඩා වැදීමට උත්සාහ කළ ඉරාන හිතවාදී විරෝධතාකරුවන් සිය ගණනක් විසුරුවා හැරීමට ආරක්ෂක හමුදා වෙඩි තැබීමෙන් තවත් නව දෙනෙකු තුවාල ලබා ඇති අතර පකිස්ථානයේ අනෙකුත් ප්‍රදේශවල ද විශාල විරෝධතා ඇති වී ඇත.

ෂියා බහුතරයක් වෙසෙන ගිල්ගිට් බෝල්ටිස්තාන් (GB) කලාපයේ, සංචාරකයින් අතර ජනප්‍රිය හිමාලයානු කඳු මුදුන් සඳහා ප්‍රසිද්ධ, පකිස්ථානයේ උතුරු නගරයක් වන ස්කාර්ඩු හි එක්සත් ජාතීන්ගේ කාර්යාල ගොඩනැගිල්ලකට විරෝධතාකරුවන් ගිනි තබා ඇත.

මිට අමතරව බැග්ඩෑඩ්හි, කළු ඇඳුමින් සැරසුණු සිය ගණනක් ඉරාක ජාතිකයන් දැඩි ආරක්ෂක යෙදවීමක් නොතකා ඇමරිකානු තානාපති කාර්යාලය පිහිටි පරිශ්‍රයට කඩා වැදීමට උත්සාහ කළ අතර, ඉන්දියානු පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ, ෂියා මුස්ලිම්වරු දහස් ගණනක් ප්‍රධාන නගරයේ වීදි විරෝධතාවලට එක්වූ අතර, එහිදී රතු, කළු සහ කහ කොඩි රැගෙන ඔවුන් සිය ශෝකය පළකර ඇත.