WhatsApp Newsletter සේවාව

Date:

WhatsAppහි 2.23.5.3 Beta Version එක නිකුත් කිරීමත් සමඟ WhatsApp වෙත Newsletter සේවාවක් හඳුන්වාදීමට Meta සමාගම විසින් සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙය WhatsApp Broadcastsහි ම එක්තරා දිගුවක් වන අතර මේ තුළින් පුද්ගලයන් කිහිප දෙනෙකුට එකවර Messages යැවීමට ඉඩ සලසයි. මෙය Instagram වෙත Broadcast Channels නමින් ගෙන ආ විශේෂාංගයට සමාන වේ. එය Messenger වෙතටද ලබා දීමට Meta සමාගම අපේක්ෂා කරන අතර WhatsApp වෙතටද ලබා දීමට සූදානමක් පවතියි.

මෙය WhatsApp හි Status Tab එකේම වෙනම කොටසක් ලෙස අඩංගු වන අතර මේ තුළින් Undefined Contacts සඳහා end to encryption සහිතව පණිවිඩ යැවිය හැකි වේ. කෙසේ නමුත් මේ තුළින් අදාළ Newsletter එකේ Creatorගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා දුරකතන අංකය හා අනෙකුත් තොරතුරු සාමාන්‍ය පරිශීලකයින් සඳහා නොපෙන්වයි.

මෙම විශේෂාංගය තවමත් සංවර්ධනය වෙමින් පවතින අතර ඒ නිසා මෙය නිල වශයෙන් නිකුත් වන දිනයක් පිළිබදව දැනට ස්ථිර වශයෙන් කිව නොහැකියි.

SOURCE: WABETAINFO

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...