පුරසාරම් වචනවලට නොරැවටී ප්‍රතිඵලදායක ගමනකට එක්වෙමු – සජිත්ගෙන් තරුණයින්ට ආරාධනයක්

0
263

අසුබවාදයෙන් සුබ වාදය කරා ගමන් කරන වැඩපිළිවෙලේ සාර්ථක ප්‍රායෝගික කොටස්කරුවන් බවට පත්විය යුත්තේ තාරුණ්‍යය බවත් හැමදාම සිදුවූයේ බොහෝ දෙනාගේ දේශපාලන අරමුණු වෙනුවෙන් තරුණයින් පාවිච්චි කිරීම බවත් , ඒ තත්ත්වය සහමුලින්ම වෙනස් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමගි තරුණ බලවේගයේ තෙදිනක පුහුණු වැඩසටහනක් මේ වනවිට ගාල්ලේදී පැවැත්වේ. රට ගොඩනගන මෙහෙයුම වෙනුවෙන් සමගි තරුණ බලවේගයේ දායකත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව ද එහිදී සාකච්ඡාවට ගැනේ. එම වැඩමුළු අවස්ථාවට ඊයේ (28) දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගි විය.

රට ගොඩනගන බවට තමන්ට අලුත් සැලසුම් ඇතැයි කියන බොහෝ දෙනා අලුත් නොවන බව මතක තබා ගත යුතු යැයි කී විපක්ෂ නායකවරයා, සමගි ජන බලවේගය සම්ප්‍රදායික විපක්ෂයක කාර්යභාරයෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කොට ඇතැයිද පැවසීය.

රටට සෞභාග්‍ය උදාකිරීමට නම් මිශ්‍ර ආර්ථික ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව පෙන්වාදුන් විපක්ෂ නායකවරයා “මානුශීය ධනවාදී” ක්‍රමයක් තුළ සම්පත් උත්පාදනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ද සිදුකළේය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here