සමාව ඉල්ලන්නේ නෑ ! – රංජන්ගේ වචනය (VIDEO)

තමන් ජනාධිපති සමාවක් ඉල්ලා නොසිටින බව බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසයි.

රංජන් රාමනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (28) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි විශේෂ ජනාධිපති කොමිසම වෙත රැගෙන ඒමෙන් අනතුරුව යළි බන්ධනාගාරය වෙත රැගෙන යන අතරේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රංජන් – කට්ටිය හොඳින්ද ?

මාධ්‍යවේදීන් – හොඳින්, හොඳින් …

මාධ්‍යවේදීන් – දිගටම එන්න වෙනවාද ?

රංජන් – කතා කරන්න තහනම් … හම්බවෙමු එහෙනම්

මාධ්‍යවේදීන් – ජනාධිපති සමාව ලැබෙයිද ?

රංජන් – ( නොදන්නා බව අභිනයෙන් පෙන්වයි )

මාධ්‍යවේදීන් – ජනාධිපති සමාව බලාපොරොත්තු වෙනවද ඔබතුමා ?

රංජන් – සමාව ඉල්ලන්නෙ නෑ !

RN