විදේශ රැකියා වෙළඳ පොළ

Date:

මේ වසරේදී විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 03 ක් (300,000) ක් යෙදවීමේ ජාතික වැඩසටහන වන විදේශ රැකියා වෙළඳපොළ සාර්ථක ලෙස ක්‍රියාවට නැංවේ.

බලපත්‍ර ලාභී විදේශ නියෝජිත ආයතන 42 ක් මේ සඳහා එක් විය. තමන් සතුව කිසිදු මුදලක් නොමැති තරුණ තරුණියන් සඳහා විදේශ ගතවීමට අවශ්‍ය මුදල් ලබාදීමට රාජ්‍ය බැංකු 03 ක් ඉදිරිපත් වී තිබේ. මැදපෙරදිග මෙන්ම යුරෝපා රටවල් සඳහාද විදේශ රැකියා අවස්ථා ලබාදී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්‍යාශයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ සාමාන්‍යාධිකාරීතුමා පවසයි.
මෙහිදී විදේශ රැකියා ඇබෑර්තු 180,000 ක් පමණ වන ප්‍රමාණයක් සමඟ සහඟාගීවූ විදේශ රැකියා නියෝජිත ආයතන සඳහා , මේ අවස්ථාවට සහභාගි වූ 5,000 ක පිරිස අතුරින් 2,000 ක් පමණ බලපත්‍ර ලාභී රැකියා නියෝජිත ආයතන විසින් බඳවා ගැනීමේ මූලික කටයුතු වලට ඇතුලත් කිරීම සිදු කර ඇත. මෙම පිරිස් වලට ඉදිරියේදී මැදපෙරදිග සහ යුරොපා රටවල් , නැගෙනහිර ආසියාවේ රටවල් , දකුණු ආසියාවේ රටවල් වලට රැකියා සඳහා පිටත් වීමට අවශ්‍ය අවකාශ ලැබේ.

තව දුරටත් විදේශ රැකියා පොළ වැඩසටහන ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික්ක මුල් කරගෙන කුඩා ආකාරයෙන් ගම් මට්ටමට ව්‍යාප්ත කිරීමටද රජය අපේක්ෂා කරයි. ඒ වගේම අතරමැදියන්ගෙන් තොරව බලපත්‍රලාභී විදේශ නියෝජිත ආයතනයක් මගින්ම රැකියා සඳහා විදෙස් ගත වන්නට ශ්‍රමිකයන්ට අවශ්‍ය ක්ෂණික පහසුකම් මුළු දිවයින පුරාම සෑම මාසයකම පවත්වන මෙවැනි රැකියා පොළ වැඩසටහන මඟින් ලබාදීමට කටයුතු සිදු වේ.

මෙම වැඩ සටහන සඳහා පැමිණීමට නොහැකි වූ අයෙකු සිටී නම් විදේශ සේවා නියුක්ති කාර්‍යාශයේ නිළ වෙබ් අඩවියට ( www.slbfe.lk) එසේත් නැතිනම් ප්‍රදේශයේ පිහිටි පළාත් හෝ දිස්ත්‍රික්ක කාර්‍යාලයට ගොස් තොරතුරු ලබා ගැනීමට හැකිය. නැතහොත් 1989 කෙටි දුරකථන අංකයෙන් පැය 24 පුරා ඕනෑම අවස්ථාවක විස්තර ඉතා නිවැරැදිව ලබා ගැනීමේ හැකියාව ඇත.
එනිසා විදෙස් රැකියාවක් සඳහා යාමට සිටින සියලු ශ්‍රී ලාංකික පුරවැසියකුටම අතරමැදියන්ගේ , සහ වංචාකාර සමාගම් වලට හසු නොවී රජයේ බලපත්‍ර ලාභී විදේශ රැකියා සමාගම් ඉදිරිපත් වන විදේශ රැකියා පොළ වෙත පිවිසෙන්න. එය ඔබගේ කාලයත්, මුදලත් දෙකම ආරක්ෂා වේ. විශ්වාසනීය ස්ථානයක රැකියාවක් ද හිමිවේ.

විදේශ රැකියා වෙළඳපොළ ක්‍රමය ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් රජය ගෙනයන විශේෂ ආරක්ෂිතම ක්‍රමවේදයයි.

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...