කෙහෙළිය බොරුව දාලා උසාවිය මගහැර ඇති බව හෙළිවෙයි. යළි රිමාන්ඩ් !

Date:

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් තොගයක් මිලදී ගැනීම ඔස්සේ රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනා මාර්තු 14 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ, එම නඩුව ඊයේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

පසුගිය නඩු වාරයේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණයට ඉදිරිපත් නොවීමට හේතුවූ අසනීප තත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පත් කළ නවදෙනෙකුගෙන් යුත් විශේෂඥ වෛද්‍ය කමිටු වාර්තාව ඊයේ දිනයේදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය විසින් විවෘත අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු සිය රෝග තත්ත්වය පිළිබඳ ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් පෙර දින අධිකරණය මගහැර ඇති බව එයින් අනාවරණය වී ඇත.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එම වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කළේ “ස්වාමීනී, මේ වනවිට මගේ අතට ලැබී ඇති එම විශේෂඥ වෛද්‍ය වාර්තාවේ පැහැදිලිව සඳහන් වෙනවා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට පෙර දින අධිකරණයේ පෙනී නොසිටීමට තරම් බරපතළ රෝගී තත්ත්වය නොතිබූ බව. සැකකරුට ශ්වසන අසාත්මිකතාවක් හා පපුවේ වම්පස වේදනාවක් පැවත තිබුණද එය අධිකරණයේ පෙනී නොසිටීමට තරම් හේතුවක් නොවන බව මෙම කමිටුව සඳහන් කර තිබෙනවා. එමෙන්ම එහි වැඩිදුරටත් දැක්වෙන්නේ සැකකරු බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට මාරු කිරීමට තරම්වත් සංකීර්ණ රෝගී තත්ත්වයකින් පසුනොවූ බවයි. එබැවින් අධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාට සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස මා ඔබතුමියගෙන් ඉල්ලා සිටිනවා” යනුවෙනි.

එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් “බන්ධනාගාර වෛද්‍යවරු දැනගන්න ඕනේ මේ වගේ නඩුවකට වෙනදා සැකකරුවන් සම්බන්ධයෙන් ලබාදෙන සාමාන්‍ය වාර්තා නොදෙන්න. මොකද, මෙහිදී එම වාර්තාව විනිසුරුවරයාගේ තීරණයටත් බලපාන්න පුළුවන්. ඒ නිසා නීතිපති මැදිහත්වෙලා වෛද්‍ය සභාව සමඟ එකතු වෙලා බන්ධනාගාර වෛද්‍යවරු අධිකරණයට සත්‍ය කරුණු පමණක් ඉදිරිපත් කරන ආකාරයට සුදුසු කාර්ය පටිපාටියක් හදන්න” යැයි මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...